දුරුතු අයියගෙ හිතේ මං ගැන තියෙන්නේ ආදරයක් ද,යාලුකමක් ද,නැත්නම් වෙන මොකක් හරි හැඟීමක් ද කියලා හරියටම කියන්න මං දැනන් උන්නෙ නෑ.ඒත් ඒ කළු පාට,හීනි ඇස් දෙක අස්සේ මොකක්දෝ මන්දා කියාගන්න බැරුව හිරවෙච්චි හැඟීමක් තියෙනවා මට තේරුණා .මං එයාට ආදරෙයි .ඒත් එයා මට දෙන්න හදන්නේ ආදරේ ද?නැත්නම් ලස්සනම ලස්සන යාළුකමක් ද?හිත අස්සෙන් ,හදවත පත්ලෙන්ම දුරුතු අයියට ආදරේ කරන්න ගත්තත් මේ ලෝකේ ජීවත් වෙන සංස්කෘතිකරූපී මිනිස්සුන්ගෙ කයිකතන්දර මැද මාව අසරණ වෙන බව මං දැනන් හිටියා.දුරුතු අයියා ළඟ ඉද්දී දාහකුත් හැඟීම්,දාහකුත් සිතුවිලි මගේ හිතට ආවත් මං වචනෙකින්,ඉඟියකින් ,කිසිම විදිහකින් එයාට මොකුත්ම ඇඟෙව්වේ නෑ.ඒ හැමදේම මං මේ ලෝකෙට තියෙන බය හින්දා . ' අයුර්,ඔයා මාව මග අරිනවද? ' අහද්දී මගේ පපුවට දැනිච්චි දුක වචනවලින් කියාගන්න බැරි තරම් .කොටින්ම කිව්වොත් මගෙ පපුව හෝස් ! ගාලා ගියා.මගේ ආදරේ ලෝකෙට විතරක් නෙවෙයි මගේ ආදරේටත් හොරෙන් හංගන් ඉන්න මට සිද්ධ වුණා .මං එදා මුළු රෑම කල්පනා කළේ දුරුතු අයියා ගැන.මට එයාව අමතක කරන්න ඕනි වුණා .ඒ මේ ලෝකෙට තියෙන බය හින්දා.ඒත් ඒකෙන් වුණේ තව තවත් මගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ වැඩි වෙච්චි එක විතරයි .මං පහුවදා උදෙත් ඉස්කෝලේ යන්නෙ නැතුව ක්ලාස් ගියා.ක්ලාස් ගියා කියලා හරියටම හිත එක තැනක තියාගෙන ඉන්න මට පුළුවන් කමක් තිබ්බෙ නෑ.ඒ හින්දා උදේ ඉඳන් නුගේගොඩ පැත්තේ රවුම් ගගහා ඉඳලා හවස 4.30 විතර වෙද්දී මං ගෙදර ආවා.මට ඕනි වුණේ හිත නිදහස් කරගන්න .ඒ හින්දම ෆෝන් එකත් ඕෆ් කරලා දැම්මා.ආපහු ගෙදර ඇවිල්ලා පෝන් එක ඔන් කරද්දී දුරුතු අයියා මට කෝල්ස් අරන්.ඔන්ලයින් ගිහින් බලද්දී මැසේජ්වලින් whatsapp එක පුරෝලා.
" ඇයි දුරුතු අයියෙ,ඇයි ?ඇයි මට මගේ හිත නිදහස් කරගන්න දෙන්නැත්තේ? "
මං කිව්වා නෙවෙයි කියවුණා .ඒත් එක්කම ඇස්වලට කඳුළු ඇවිත් හීනි ඉකියක් පපුව මැද්දේ හිර වුණා .ඉකියත් තද කරගෙනම මං එයාට කෝල් බැක් කළා.
"හෙලෝ..."
ඒ එයා.
" දුරුතු අයියේ..."
YOU ARE READING
කළු පාට ටැටූ ✔
Non-FictionNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."