ඒ මං දුරුතු අයියගේ ගෙදර රැයක් ගෙවපු පළවෙනි දවස. රෑ කෑම අරගෙන දුරුතු අයියයි, මමයි එහෙම්මම ගිහින් දත් මැදලා, මූණ සෝදලා නිදාගන්න ලෑස්ති වුණා . මං කාමරයට යන කොට නිල් පාට සරමකුත් ඇඳගෙන නිරුවත් පපුවට අතකුත් තියාගෙන දුරුතු අයියා ඇඳේ ඇලවෙලා හිටියා. මං ඇඳ ගාවට ගිහින් හිටගෙන බලන් හිටියේ මං කොහෙද නිදාගන්නෙ කියලා අහන්න වගේ." එන්න..."
දුරුතු අයියා ඇඳේ පැත්තකට වෙන ගමන් මං දිහා බලාගෙන කතා කළා.
" මං...!"
මම ඇහුවේ පුදුමයෙන් වගේ.
"ඔව්, ඇයි? "
මුකුත් නෑ කියන්න වගේ මං හිනා වෙලා ඔළුව වැනුවා. මං හෙමින් සැරේ දුරුතු අයියගේ ඇඟේ නොගෑවෙන විදිහට ඇඳේ ඇලවෙලා බලන් හිටියේ උළු කැට වහලේ දිහා. ඒ වහලේ යට හරිම සීතලයි.
" අයුර්..."
දුරුතු අයියා මට කතා කළේ මගේ දිහාවට හැරෙන ගමන්. මාත් එහෙම්මම දුරුතු අයියගේ දිහාවට හැරුණා .
" ළඟට එන්නකෝ..."
දුරුතු අයියා මගේ ඇස් දිහා බලාගෙනම කිව්වා. ඒත් මට ලැජ්ජයි. මං එහෙම්මම ඒ ඇස් මඟ ඇරලා යන්තමින් හිනා වුණා .
" ළඟට එනවකෝ අයුර්..."
" ඇයි? "
මං ඇහුවේ මොකුත්ම නොදන්න ගාණට.
" හීතල නැද්ද ? "
දුරුතු අයියා ටිකක් මට ළං වෙන ගමන් ඇහුවා.
" චුට්ටක් විතර..."
" එහෙනම් ළඟට එන්න..."
ඒ කියනවත් එක්කම දුරුතු අයියා මාව එයාගෙ ළඟට ඇදලා ගත්තා. තත්පර ගාණක් දුරුතු අයියගේ ඇස් බලන් හිටියේ මගේ ඇස් දිහා . ඒත් එක්කම මගේ මුහුණට මුහුණ ළං කරලා කම්මුල්වල තොල් පෙති තියලා හාදුවලින් මගේ කම්මුල් දෙකම තෙත් කළා. මං හිටියේ ඇස් පියාගෙන. කම්මුල්වල හාදු තවරලා අවසානයේ එයා ආයෙමත් මගේ දිහා බලාගෙන මට කතා කළා.
" ඇස් අරින්න ..."
මං හෙමින් සැරේ ඇස් ඇරලා බැලුවා. ඒ ඇස් ආදරෙන් දිලිසෙනවා .
" ආදරෙයි නේද ?"
මගේ ඇස් දිහා බලාගෙනම දුරුතු අයියා ඇහුවා.
YOU ARE READING
කළු පාට ටැටූ ✔
No FicciónNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."