යකෝ නුදේන් අයියා !!!
මං කිව්වෙ මගේ දවස නම් අද හොඳම නෑ. අනේ සාමිඊඊඊ... ඇයි අප්පා මූටම මාව මාට්ටු උනේ. මීට වඩා හොඳයි පිනාට අහුවුනා නම්.
ඒත් පොඩ්ඩක් ඉඳහන් ! කෝ එතකොට අරුන් දෙන්නා... මුන් දෙන්නා මාව තනියම දාලා ගිහින්වත් ද. හොදක් වෙන්නෑ මුන්ට නම්. දැන් ඉතින් මේ ගල්බමුණා පිට්ටනියේ විතරක් නෙවෙයි මුලු ඉස්කෝලේ ම තියන තණකොළ ටික මට ගලවන්න කියයි ද දන්නෑ."මොනාද තමුසෙ හතරවටේ ඇස් කරකව කරකව හොයන්නෙ... ම්ම්ම්"
අම්මටසිරි !! මාව ගැස්සිලා ගියා යකෝ. මං ඔළුව උස්සලා අයියා දිහා බැලුවම මූ ඉන්නවා අත් දෙකත් බැඳගෙන මං දිහා බලාගෙන. නුදේන් අයියට තියෙන්නෙ ගැඹුරු තද කළු පාට ඇස් දෙකක්, ඒවා හීනි කරන් බලන් ඉන්න විදිහට එයාගෙ නපුරු පාට තවත් වැඩි වෙලා පේනවා. ඒත්… අනේ මන්දා එයා ඒ බලාගෙන ඉන්න විදිහට මට මොනාදෝ වෙනවා වගේනෙ. මාව නිකං රත් වෙනවා වගේ යකෝ... මූ මොකද එහෙම බලන් ඉන්නෙ ඒකත් කෙලින්ම මගේ ඇස් දිහාම. මගේ පපුවත් දනවා වගේ. මං හිතන්නෙ උදේට කාලා ආවෙ නැති නිසා ගැස්ට්‍රයිටීස් වැඩි වෙලා ද කොහෙදෝ නැත්තම් ඉතින් මූ බලන් හිටියා කියලා මගේ පපුව දන්නෙ මොකටද. මටත් පිස්සුද මන්දා. මං හිමීට එයාගෙ ඇස් දෙකෙන් මගේ ඇස් දෙක ගලවගෙන බිම බලාගත්තා. අනෙ මන්දා මට මහ අමුතු ලැජ්ජාවක් එක්ක කියාගන්න නොතේරෙන මහ අමුතු හැඟීමක් දැනුනා. ඒක මොකක් ද කියන්න මටවත් තේරෙන්නෙ නෑ... කොහොම හරි අන්තිමේ දි මං ම එයාට කතා කරා නැත්තම් ඉතින් අද ඉස්කෝලේ ඉවර වෙනකන් මට මෙතන තමා ඉන්න වෙන්නෙ. මං ඔළුව උස්සලා බැලුවා මූ දිහා. හම්මට !! මෙන්න මූ ඉන්නවා කට කොනේ හිනාවකුත් දාගෙන මං දිහා බලන්...
"අ- අයියේ..."
මේ මොකද යකෝ මේ... මං මොකටද මේ මු ඉස්සරහ ගොතගහන්නෙ. ඒත්..., මට මූ ඉස්සරහ කියවන් යන්න හිතෙන්නෙත් නෑනෙ. අනේ මන්දා මට මොනා වෙලාද කියලා. මං මෙහෙම නෑ දෙයියනේ... යෝහ් ! මූ තාමත් අර හිනාව දාගෙන මං දිහා බලන් ඉන්නවනෙ. අනේ මිනිහෝ !! අහක බලාගනින්කො රෙද්ද, ඔහොම බලන් ඉද්දි මට මොනාද වෙනවා අප්පාහ්... මං ශේප් එකේ මගේ අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා. හනේ දැන් නම් පලවෙනි පීරියඩ් එකෙනුත් බාගයක් ගිහින් ඇති. එක්කො මූ මාව තණකොළ ගලවන්න එක්ක යන්න ඕන නැත්තම් මාව යවන්න ඕන.