04.

413 28 24
                                    

"ඕයි !! "

......

"යෙවිංස..."

.....

"අඩෝ යෙවිංසයා..."

"ආහ්... ඇයි ඇයි බන්"

"මොනාද ඕයි හෙන මනමාල හිනාවකුත් දාගෙන කල්පනා කරන්නෙ"

"එ- එහෙම මුකුත් නෑ බන්"

"මොකො උඹට කෙල්ලෙක්වත් සෙට් වුනාද"

"පිස්සුද බන් එහෙම එකක් නෑ... මේහ් ඒක නෙවෙයි කොහෙද උඹලා දෙන්නා මෙච්චර වෙලා හිටියේ"

"ආ... මේ ඒක මෙහෙමයි බන්"

"කොහොමද කියපන්කො බලන්න"

"මේකයි උනේ බන්, මායි පහනයි තාප්පෙන් පනින්න යනකොට ආරද්‍ය අයියලා අර පැත්තෙන් එනවා දැක්කා. ඉතින් මායි මූයි දිව්වා, අපි හිතුවා උඹත් අපේ පස්සෙන් දුවන් එනවා ඇති කියලා. ඉතින් ටිකක් දුර ඇවිත් හැරිලා බලද්දී තමා දැක්කෙ උඹ නෑ කියලා..."

"ඉතින්..."

"ඉතින් ඊටපස්සෙ අපි දෙන්නා ආපහු තාප්පෙ ලඟට දුවන් එනකොට ආරද්‍ය අයියා විතරක් එතනට එනවා දැක්කා. එවෙලෙ ආපහු ඔතනට ගියොත් අපිව මාට්ටු වෙන නිසා අපි ආපහු හැරිලා දුවන් ආවා. ඊටපස්සෙ ඉතින් පන්තියට ගිහිල්ලත් උදේ පාන්දර මැඩම්ගෙන් බැනුම් අහගන්න බැරි නිසා මැත්ස් එකේ කොල්ලො ටිකක් එක්ක උන්ගෙ පන්තියට වෙලා කයියක් ගහන් හිටියා."

පේනවනේ... මුන් නම් මහ කැරි යාළුවො, සැක් මාව තනියම හලලා ගිහින් කරපු වීරක්‍රියා ගැන තව කියවන්නත් එනවා.

"මේ...අඩෝ ඒක නෙවෙයි බන් උඹ කොහොමද පන්තියට ආවේ...  අරූ එන්න දුන්නද"

"ඔව්..."

"හෑ...මොකාක් වෙන්න බෑ මොකද මං දන්න ආරද්‍ය අයියා නම් කවදාවත් ලේසියෙන් ඔතනින් එන්න දෙන්නෙ නෑ"

අන්න ඒක නම් මටත් ප්‍රශ්නයක් මොකද මට විතරක් එහෙම එන්න දුන්නෙ කියලා....
ඉතින් සෙහසටවත් මටවත් තවදුරටත් කතාව කරගෙන යන්න බැරි උනේ කෙමෙස්ට්‍රි සර් පන්තියට ආපු නිසා.

කොහොම හරි තවත් පීරියඩ් දෙකකුත් බොහොම අමාරුවෙන් ගෙවිලා යන්තම් ඉන්ටවල් එකත් ආවා. දැන් තියෙන්නෙ ඉතින් බත් පහකට වැඩේ දෙන්න තමා. අපේ සෙට් එකේ අපි තුන්දෙනාට අමතරව තව ආකාශුයි සිතුමුයි ඉන්නවා.

නිලැස්Where stories live. Discover now