19.

508 37 41
                                    

මාස තුනකට පසු...

අද අයියලගෙ ඒ ලෙවල් එක්සෑම් එක පටන් ගන්න දවස. එයාලට එක්සෑම් නිසා අපිට ඉස්කෝලේ නිවාඩු... උදේ ම එයාට කතා කරලා එක්සෑම් එක හොඳට ලියන්න කියලා විශ් කරලා මං පහලට ආවා. එනකොටත් තාත්තා වැඩට යන්න ලෑස්ති වෙනවා. අම්මා නම් උයනවද කොහෙද... අපෙ අක්කා ගෙදර නෑ එයා අද ඉදන් ආපහු කැම්පස් ආය එන්නෙ සති අන්තෙ... අක්කා නැති වුනාමත් ටිකක් පාළුයි වගේ අප්පා හිටියනම් ඉතින් මොකක් හරි වලියක් වත් දාගන්නවනේ... 

"අම්මා... ගෙදර රෝස මල නැගිට්ටාාාාාා..."

"චූටි පුතා !!... මොකද ළමයෝ බෙරිහන් දෙන්නෙ... මට කන් ඇහෙනවා.."

"අම්මේ... කෝ අනේ මගෙ තේ එක.."

"හදලා තියෙන්නෙ ළමයෝ ඇවිත් බොන්න... ආ මේ තේ එක තාත්තට දෙන්න..."

මං කුස්සියට ගිහින් මගේ තේ එකයි තාත්තගෙ තේ එකයි දෙකම අරන් සාලෙට ගියා.

"තාත්තේ !... ආ තේ එක.."

"චූටි... සුදු පුතාට කතා කරාද උදේම..."

මගෙ අතින් තේ එක ගන්න ගමන් තාත්තා ඇහුවා. ඔව් ඔව්... තාත්තා ඔය සුදු පුතා කියන්නෙ අයියට තමා අනේ...

"ඔව් තාත්තා මං කතා කරලා විශ් කරා.."

"හ්ම්ම්.."

තේ එක බීලා ඉවර වෙලා තාත්තා අම්මටයි මටයි යනවා කියලා ගියා. අම්මත් සුමනා නැන්දත් එක්ක මිදුලේ වැඩක් නිසා මං කාමරේට ගියා. ඉස්කෝලේ නැති නිසා මං පාස් පේපර් පොතක් පෙරලන් පේපර්ස් වගයක් කරන්න ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මාසයකට පස්සේ ඒ ලෙවල් එක්සෑම් ඉවර වෙලා අද තමා ඉස්කෝලේ ආපහු පටන් ගත්තේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම පොලොන්නරුවේ ආච්චිලා දිහා ගියා ආච්චිට සනීප නෑ කිව්ව නිසා. අනිද්දා දිහාවට වගේ එයි... අද අපේ පන්සලෙන් වන්දනා ගමනක් යනවා ඉතින් සුමනා නැන්දත් ඒකට ගිහින්. මං විතරයි තනියම ගෙදර.. ඒක නම් ඉතින් ප්‍රශ්නයක් නෑ මොකද මං කලිනුත් මෙහෙම ඉදලා තියෙනවා. ඉතින් මාත් උදේ ම නැගිටලා උයන්න කම්මැලි නිසා තේ එකක් විතරක් බීලා ලෑස්ති වෙලා සෙහසුත් එක්ක ඉස්කෝලෙ ට ආවා. අද පහන් ආවේ නෑ ඌටත් ටිකක් සනීප නෑ වගේ කියලා. අපි දෙන්නත් එක්කම ඉස්කෝලේ ඇතුලට ගියා. වෙනදට කොඩි කණුව ළඟට වෙලා මං එනකන් බලන් ඉන්න අයියගෙ තැන අද අලුත් ප්‍රිෆෙක්ට්ලා හිටියේ. එයාලා ආපහු ඉස්කෝලේ එන්නෙ නෑනේ ඉතින්. පාළුයිත් වගේ අප්පා. මං හුස්මක් පහලට දාලා සෙහස් දිහා බැලුවම මූත් ඉන්නවා මං වගේ ම කොඩි කණුව දිහා බලාගෙන.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 11 ⏰

Add this story to your Library to get notified about new parts!

නිලැස්Where stories live. Discover now