Author's pov,
නිලස් වත් ගෙදරින් ඇරලවලා රෑට කෑමත් අරන් දීලා නුදේන් කෙලින්ම යන්න හැරුනෙ එයාලගෙ ගෙදරට. තාත්තව මුණගැහෙන්න වැඩි කැමැත්තක් නොතිබ්බත් තමන්ට මෙවෙලෙ කරන්න වෙන දෙයක් නැති නිසා ඔහු කෙලින්ම ගියේ ඔහුගෙ ගෙදරට. ගේට් එකෙන් ඇතුලට බයික් එක දාලා නුදේන් ගේ ඇතුලට යද්දිත් අම්මයි තාත්තයි දෙන්නම සාලෙ ඉඳගෙන හිටියේ...
"ඉලන්දාරියා මොකද නිකං දැක්කෙ නෑ වගේ යන්නේ.."
"එහෙම නෑ... මට මහන්සියි.."
"කොහෙ ගිහින් එන ගමන් ද මේ ?.."
"යාළුවෙක් ගෙ ගෙදර.."
නුදේන් ඕනවට එපාවට වගේ උත්තර දීලා එතනින් යන්න හැදුවත් තාත්තගේ ප්‍රශ්න පත්තරෙන් නම් ගැලවෙන්න බැරි වුනා.
"කවුද ඉතින් යාළුවා ?... මං දන්න තරමින් නම් තමුන්ට ඒ කාලෙ ඉඳන් වැඩිය යාළුවො හිටියේ නෑ.."
"හහ්ඃ.. ඔයා කවදා ඉදන් ද මගේ දේවල් හොයන්න පටන්ගත්තෙ.."
"ආරද්‍ය !!... තමුන් ඔය කතාකරන්නෙ තමුන්ගෙ තාත්තට කියන එක මතක තියාගන්නවා..."
නුදේන් මුකුත් නොකියා කේන්තියෙන් තමන්ගෙ කාමරේට එන්න හැදුවත් තාත්තා කියපු දේත් එක්ක එයා එතනම නැවතුනා.
"තව මාස දෙකකින් එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙනවා..."
"මට බෑ..."
"ඒ මොකද බැරි ?.."
"මට බෑ මං නොදන්න එකියක් ව කසාද බඳින්න.. අනිත් එක මං කසාද බඳින්නෙ කවුද නැත්තෙ කවුද කියන එක තීරණය කරන්න ඔයාට බෑ තාත්තේ.."
"පොඩි කාලෙ ඉඳන් කිසිම අඩුපාඩුවක් නොකර තමුන්ව හදපු මටද උඹ ඔය කතා කරන්නෙ ආහ්..."
"ජගත්... දැන් ඇති ඕක.. මේ ළමයා ගෙදර ආවා විතරයි නෙ."
"තමුනුත් කට වහන් ඉන්නවා ටානියා..."
හැමදාම වගේ තාත්තගෙයි පුතාගෙයි රණ්ඩුව බේරන්න ටානියා මැදිහත් වුනත් ජගත් ගෙ එක වචනෙකට කට වහගන්න සිද්ධ වුනා. ටානියා කටවහ ගත්තත් නුදේන් නම් කට වහගෙන හිටියේ නෑ. එයා හිටියේ හිත ඇතුලෙ ලොකු ම ලොකු කේන්තියකින්. එයාගෙ බෙල්ලෙයි අත්වලයි නහර ඉලිප්පිලා තියන විදිහෙන් බලන ඕන කෙනෙක්ට ඒක පේනවා.