10.

961 62 8
                                    

කොහොම හරි අපි කාලා බීලා ඉවර වෙලා ටිකක් වැල්ලෙ ඇවිද ඇවිද හිටියා. සෙහසුයි අදීශ අයියයි නම් හතරවටේට ෆොටෝ ගහනවා. අපි හිටපු හරියේ හිටියේ අපියි තව කපල්ස් කීපයකුයි විතරයි. ඒත් මගේ ඇස් නම් හෙව්වෙ වෙන කෙනෙක්ව... කෝ යකෝ මේ මනුස්සයා !! දැන් මෙතන හිටියනෙ එකපාරටම කොහෙද අප්පා චුත උනේ... මං ඉතින් හතරවටේටම බෙල්ලත් කරකලා බැලුවා නුදේන් අයියා කොහෙද ඉන්නෙ කියලා.. එතකොට ම තමා මං දැක්කෙ අපිට ටිකක් එහාට වෙන්න ඉදගෙන ඉන්න එයාව. මාත් ඉතින් ඒ පැත්තට ගියා, යනකොටත් නුදේන් අයියා ඈත මුහුද දිහා බලාගෙන ලොකු කල්පනාවක. මාත් ගිහින් එයාට එහාපැත්තෙන් වාඩිවුනා. ම්හුක්... මේ මිනිහට ගානක්වත් නෑනේ මං මෙතන ඉන්නවා කියලා ඈත මූද දිහා බලාගෙන මොනා කල්පනා කරනවද මන්දා මෙච්චර..

"අයියේ !..."

.....

ම්හ්...නෝ ආන්සර් !! මොන ලෝකේ ඉන්නවද මන්දා...

"අයියේ..."

.....

මෙච්චර මං කතා කරනවා, මෙයාට ඇහෙන්නෙ නැද්ද අප්පා... බැරිම තැන මං එයාගේ අත් ගොබේකට ඇඟිල්ලෙන් ඇනලා කතා කරා.

"මේහ්.. අයියේ !..."

ඔන්න එතකොට නම් මෑන් මේ ලෝකෙට ඇවිත් මං දිහා බැලුවා.

"නිලස් !.. මොකො මෙතන, කෝ අර දෙන්නා..."

"ඒ දෙන්නා අරහෙ ෆොටෝස් ගහනවා අනේ... මං ඉතින් ඒ කපල් එක අස්සෙ ඉන්නයෑ ගිහින්.."

"හ්ම්ම්.. නිලස් ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද ඉතින්..."

මට එකපාරටම බැලුනෙ අයියා දිහා... ඒ වෙලාවේ තමා මං දැක්කෙ එයාගේ ඇස් දෙකත් නතර වෙලා තිබ්බෙ මං ළඟ කියලා. මෙයා මොකද එකපාරටම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ.

"මට !?... අම්මෝ අයියේ මට නම් කෙල්ලො එපා... අනිත් එක මං තාම පොඩි අප්පා හුම්ම් !.."

මෙන්න ඒ පාර මූ හිනාවෙනවා... මෙයත් අප්පා වෙලාවකට කාලගුණය වගේනෙ... ඉස්සෙල්ලා අහස පොලොව ගැටගහන්න වගේ කල්පනා කර කර ඉදලා දැන් හිනාවෙනවා.

"මේ ඒක නෙවෙයි අයියේ !... අයියට ආදරේ කරන්න කෙනෙක් නැද්ද ?..."

මං එහෙම ඇහුවම අයියගෙ මූනෙ වේදනාත්මක හිනාවක් ඇදුනා.

නිලැස්Where stories live. Discover now