18.

919 49 42
                                    

හැමෝම තම තමන්ගේ කාමරවලට යන්න කියලා මං අයියව මගේ කාමරේට එක්කන් එන්න හිතුවා. ගෙස්ට් රූම් දෙකෙන් එකක ටානියා ආන්ටියි අනිත් එකේ අයියලා තුන්දෙනයි අරුන් දෙන්නයි. යෝහ් !! මේ මනුස්සයව වත්තන් කරන් ඇවිල්ලා මගේ උරහිසේ පැත්තක් නෑ වගේ අප්පා... ඇයි යකෝ අලි මස් ගිලලා වගේ පුදුම බරක් නෙ තියෙන්නෙ... මං එයාවත් එක්කන් කාමරේට ඇවිත් දොරත් වහලා අනිත් පැත්ත හැරෙද්දිම එයා මාව එයාටයි දොරටයි මැදි කරගත්තා.

"අ- අයියේ !.."

"මොකො ම්ම්..."

බීපු නිසාද කොහෙද ඒ ඇස් ලාවට රතු වෙලා තිබුනා. ඒ වුනත් ඒ ඇස් අස්සෙ අද වෙනදටත් වඩා ආදරයක් මං දැක්කා. හැමදාමත් වගේ අදත් මං ඒ ගැඹුරු කළු ඇස් දෙක අස්සෙ අතරමං වෙලා හිටියේ. එයා එකපාරටම මගේ ඉන වටේ අත දාලා මාව එය ළඟට ඇදලා ගත්තා.

"මගෙ චූටි ට මගෙන් තෑග්ගක් එපාද ම්ම්.."

එයා අහනවා එයාගෙන් තෑග්ගක් එපාද කියලා... මටත් කියන්න ඕන වුනා අඩුම තරමේ පුංචි තෑග්ගක් හරි මං එයාගෙන් බලාපොරොත්තු වුනා කියලා ඒත් හැමදාම වගේ එයාගෙ දිලිසෙන ඇස් වල බැල්ම දරාගන්න බැරුව අදත් එයා ඉස්සරහ මං ගොළු වුනා.

"අ- අයියේ..."

"හිතුවෙ මට තෑග්ගක් ගේන්න අමතක උනා කියලා ද..."

එහෙම කියලා එයා මගෙ ලඟින් ඈත් වෙන ගමන් සාක්කුවට අත දාලා සාමාන්‍ය ප්‍රමාණයේ පොඩි පෙට්ටියක් අරන් මගේ අත උඩින් තිබ්බා.

"ඕක ඇරලා බලන්න..."

මං හෙමීට ඒ පෙට්ටිය ඇරලා බැලුවා. ඒත් ඇතුලෙ තිබ්බ දේ දැක්කම මගේ ඇස් දෙකට කඳුළු පිරුනා. අනේ දෙවියනේ !! ඒකෙ තිබුනෙ N අකුරක් එක්ක චූටි evil eye එකක් සම්බන්ධ වුන ලස්සන චේන් එකක්. ඒක තනි රත්තරං වලින් හදපු එකක් !!!

 ඒක තනි රත්තරං වලින් හදපු එකක් !!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නිලැස්Where stories live. Discover now