Nilas's pov,
උදේ පාන්දර මට ඇහැරුනේ ජනේලෙන් මූණට වැටුනු ඉර එළිය නිසා. මං ඇස් දෙක ඇරලා වටපිට බැලුවේ එකපාරටම ඉන්න තැන ප්රොසෙස් කරගන්න බැරුව. මට එහාපැත්තෙන් නිදාගෙන ඉන්න අයියව දැක්කම ඊයේ වුන සිද්ධිය මට ආපහු මැවිලා පෙනුනා. අම්මෝ ඒක නම් මට මගෙ ජීවිතේ තියනකන් අමතක කරන්න බැරි වෙයි ඒත් ඉතින් එහෙම කියලා ඒකම හිත හිත ඉන්නත් බෑනේ. ඒත් ඉතින් මගේ හිතේ බයක් නැතුවාමත් නෙවෙයි.. මට බය වෙන මොකටවත් නෙවෙයි, මේ සීන් එක නිසා අයියලාට පොලීසියට වත් යන්න වෙයිද කියලා.. ඇයි ඉතින් අර මිනිහා මැරුනනේ.. නුදේන් අයියා කොහොම මේ විදිහට සැනසීමෙන් නිදාගෙන ඉන්නවද මන්දා... මෙයාලට කිසි ගානක් නෑනේ අප්පා... මාත් ඉතින් බොහොම අමාරුවෙන් ඒ සිද්ධිය අමතක කරන්න ඔළුවත් දෙපැත්තට ගසලා දාලා මගේ ඇඟ උඩට ඔක්කොම අඬු බඬු ටික දාගෙන මාව බදාගෙන නිදන් ඉන්න අයියා දිහා බැලුවා. නිදාගෙන ඉන්න කොට නම් පූස් පැටියෙක් වගේ ඒත් ඊයේ අර මිනිස්සුන්ට නෙලපු විදිහෙන් ම දැක්කා පූස් පැටියගෙ තරම. මං චුට්ටක් ඔළුව උස්සලා එයාගෙ රූපෙ දිහා බැලුවා. එතකොට තමා මං දැක්කෙ තොල ළඟ තියන තුවාලය. තොල ළඟ විතරක් නෙවෙයි නළලත් තුවාල වෙලානෙ තියෙන්නෙ. මේවා කොහොමද උනේ ?... ඊයේ වලියෙදි ද මේක උනේ ?.. ඒත්... ඒත් මං මෙහෙම එකක් දැක්කෙ නෑ නේ...
"මොකෝ උදේ පාන්දර ම මං දිහා බලන් භාවනා කරනවද චූටි ම්ම්..."
"ආහ් !..."
ඇස් දෙකවත් අරින්නෙ නැතුව අයියා අහපු දේට මං ගැස්සිලා ගියා. මේ මනුස්සයාට දිව්යඥානය වත් තියෙනවද.. ඇයි දෙයියනේ ඇස් දෙක අරින්නෙ නැතුව කොහොමද දැක්කෙ මං බලන් ඉන්නවා කියලා...
"මොකෝ ?.."
"ම්..මුකුත් නෑ..."
"මුකුත් නැත්තම් මොකො ඔහොම බලන් ඉන්නෙ ?.."
"ආ.. හරි කතාවක් නෙ අප්පා ඔයත් කියන්නෙ.. ඇයි අනේ දැන් මට ඔයා දිහා බලන් ඉන්නත් බැරි ද ?.."
ඇයි අප්පා හරි කතාවක්නෙ මෙයා කියන්නෙ.. එයාටත් රවලා මං ඇඳෙන් බහින්න කියලා යනකොට මේ මනුස්සයා ආපහු මාව ඇදලා අරන් ටෙඩියෙක් බදාගන්නවා වගේ මගෙ ඇඟ උඩින් කකුලකුත් දාගෙන ආපහු ඇස් දෙක පියාගත්තා. අනේ මට බෑ අප්පා මෙයත් එක්ක අලි මස් ගිලලා වගේ පුදුම බරක් නෙ තියෙන්නෙ.
