17.

624 49 41
                                    

අද ඉරිදා. අද මගේ හැපි ටූ ටූ එක... අද ඔක්කොමලා ගෙදර. මාත් ඉතින් උදේ අටට විතර නැගිටලා මූණත් හෝදගෙන පහලට ගියා. මං යද්දී අක්කා සාලෙ ඉඳගෙන ලැප් එකත් දිගෑරගෙන කැම්පස් එකේ වැඩක්ද කොහෙද. මං ඉතින් එයාට කරදර කරන්නෙ නැතුව කුස්සිය පැත්තට ගියේ අම්මව හොයාගෙන ඒත් කුස්සියේ අම්මා හිටියේ නෑ. තාත්තත් නෑනේ අප්පා කොහෙ ගිහින් ද මේ දෙන්නා.

"මේ අක්කෙ... අම්මයි තාත්තයි කෝ ?..."

"ආ... ඒ දෙන්නා ටවුන් එකට ගියා. තේ දාලා ඇති බෝතලේ... බොන්න.."

"හ්ම්ම්."

මං කුස්සියට ගිහින් තේ බෝතලෙන් තේත් දාගෙන ඇවිල්ලා අක්කට එහා පැත්තෙ සෝෆා එකෙන් වාඩිවෙලා තේක බොන්න ගත්තා. මෙයාට අද දවස මතක නැද්ද දන්නෑ...

"මේහ් අක්කෙ.. අද දවස කවද්ද..."

"අද !... අද සැප්තැම්බර් දෙවනිදා මං හිතන්නෙ... ඇයි.."

"නෑ මේ... අද දවසේ ඔයාට විශේෂ දෙයක් මතක් වෙන්නෙ නැද්ද..."

"නෑ... මට මතක් වෙන්නෙ නෑනේ..."

සැක් !... මුන් වගේ අක්කලා හොඳයි පොල් පිත්තකින් කපාගන්න. යකෝ තමන්ගෙ එකම මල්ලිගෙ උපන් දිනේවත් මතක නෑනේ. මං අක්කටත් රවාගෙනම තේක බිව්වා.

"මේ චූටි !.."

"මොකද.."

"මං දෙයක් අහන්නද..."

"මොකක්ද ?..."

"මට ඇත්තම කියනවා ඈ..."

"හරි හරි අහනවකො ඉතින් කෙකර ගාන්නෙ නැතුව..."

"මේ ඔයයි නුදේන් මල්ලියි අතර මොකක් හරි දෙයක් තියෙනවද.."

"කැහ් කැහ් ක්- කැහ් අක්කෙ කැහ්..."

"චූටි !... මොකද හලෝ මේ.."

තෙපර බබා ඉඳලා එකපාරටම අක්කා මගෙන් අහපු දේට මට බිබී හිටපු තේකත් පිට උගුරෙ ගියා.

"ම්- මොකක්ද අ- අක්කෙ ඔයා ඇහුවේ.."

"නෑ මේ... මං ඇහුවේ ඔයයි නුදේන් මල්ලියි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා..."

............

"ඒ කියන්නෙ තියෙනවා නේ... මූණෙන් ම පේනවා ඒක... ඉතින් කියනවකෝ තියෙනවා නේ..."

නිලැස්Where stories live. Discover now