28.

3.3K 151 101
                                    

දින තුනකට පසු,

නිලස් ගෙ ඔපරේෂන් එක කරලා දැනට දවස් තුනකුත් ගෙවිලා ගිහින්. ඒත් තාමත් නිලස් ට සිහිය ඇවිත් නෑ. මේ දවස් තුනේම නුදේන් හිටියේ හොස්පිට්ල් එකේමයි..

"සුදු පුතා !.."

"තාත්තේ !?.."

"පුතා ගෙදර ගිහින් එන්න යන්නෙ නැද්ද ?.."

"නෑ !!.."

තාත්තා අහපු ප්‍රශ්නෙට නුදේන් ගෙන් හම්බුනේ කෙටි උත්තරයක්.

"තාත්තා ගෙදර ඇවිත් ද ඉන්නෙ ?.."

"හ්ම්ම්... මට අයියා කිව්වා පෙරේදා රෑ ආවේ කියලා..."

නිලස් ගෙ තාත්තා එතනින් එහාට මුකුත් ඇහුවේ නැත්තේ ආපහු කිසි දෙයක් අහලා වැඩක් නැති නිසා. මොකද දැන් තාත්තා නෙවෙයි සක්කරයගෙ පුතා වයිමා ඇවිත් කිව්වත් නුදේන් නෙවෙයි ගෙදර පැත්තෙ පස් පාගන්න යන්නෙ කියලා දන්න නිසා.

ඒත් එක්කම වගේ නිලස් ගෙ අම්මයි අක්කයි දවල්ට කෑමත් අරන් රූම් එක ඇතුලට ආවා.

"සුදු පුතා... එන්න කෑම ටිකක් කාලා ඉමු.."

"මට කන්න බෑ අම්මා... බඩගිනි නෑ.."

නුදේන් කිව්වේ තාමත් නිසොල්මනේ වැතිරිලා ඉන්න තමන්ගෙ පුංචි ආදරවන්තයා දිහාවට බැල්මක් දාන ගමන්.

"එහෙම කියලා කොහොමද සුදු පුතා... මේ දවස් ටිකේම හරියට කෑමක් ගන්නවා නම් මං දැක්කෙ නෑ..."

"ඔව් ඔව් මේ කොල්ලා ඊයෙ රෑට කෑවෙත් නෑ කිව්වා මට අදීශ පුතා.."

අම්මගෙ කතාවට ඒ අඩු වැඩිය එකතු කරේ නිලස් ගෙ තාත්තා.

"ඒකනේ.. එන්න එන්න කාලා ඉමු.."

"අනේ මට බඩගිනි නෑ අම්මා... මං පස්සෙ කන්නම්..."

"එහෙම බෑනේ... එන්නකො අම්මා කවන්නම් ද..."

අම්මා අහපු ප්‍රශ්නෙත් එක්ක නුදේන් එයා දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. මොකද නුදේන් ට මතක ඇති කාලෙක ඉඳන් ටානියාවත් නෙවෙයි එයාට බත් කටක් කවලා තියෙන්නෙ.

"මොකො මල්ලි ඔහොම බලන් ඉන්නෙ... අපෙ අම්මා ඔහොම තමයි.."

ඉතින් ජාන්වී ගෙ කතාව ඇත්ත තමා... අම්මලා එහෙමයි. හැම දරුවෙක්ව ම අම්මලාට දැනෙන්නෙ තමන්ගෙම දරුවො වගේ. ඉතින් නුදේනුත් ආපහු මුකුත් නොකියා අම්මා ළඟ තිබුන පුටුවෙන් වාඩි වුනා.

නිලැස්Where stories live. Discover now