08.

388 30 6
                                    

මං තාමත් ගේට්ටුවෙන් ආපු විදිහටම ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නෙ අපේ මිදුලේ නවත්තලා තියන කළු පාටට දිලිසෙන බයික් එක දිහා. ඒක නම් අලුතෙන් ම ගත්ත එකක් වගේ... ඒ තරම් ඒක ලස්සනයි.
ඒත් !... අපේ ගෙදර කාටවත් බයික් එකක් නෑනේ.....
බයික් එක දිහා කන්න වගේ බලන් හිටපු මාව හරි සිහියට ආවේ අපෙ අම්මගෙ කටහඬට.

"චූටි ! මොකද ළමයෝ මේ එලියට වෙලා කරන්නෙ..."

"අහ්.. අම්මා, කවුද ආවේ !? කාගෙද මේ බයික් එක ? "

"ගිහින් ම බලන්නකෝ... යාළුවෙක් ඉන්නවා ඇතුලේ.."

යාළුවෙක් ! මගේ !... මගේ යාළුවො කාටවත් බයික් නෑනේ... අනිත් එක මට එහෙමට කියලා යාළුවො ගොඩකුත් නෑනේ.. එතකොට කාගෙද මේ බයික් එක ?! බයික් එක කාගෙද කියලා හිත හිත මාත් අම්මගෙ පිටිපස්සෙන් ගේ ඇතුලට ආවේ මං නොදන්න මගේ යාළුවා කවුද බලන්න. ඒත් ඇතුලට එනකොටම මං දැක්කෙ සෝෆා එකට වෙලා බිස්කට් ප්ලේට් එකකුත් ළඟ තියාගෙන බීම එකක් බිබී ඉන්න නුදේන් අයියව. මොකාක් !! මෙයා මොකද මෙහෙ කරන්නෙ, එතකොට අර බයික් එක මෙයාගෙද... ශාහ් මරුනෙ අප්පා !!...

"අම්මා... නුදේන් අයියා මොකද මෙහෙ කරන්නෙ..."

"ටානියා ආන්ටි අක්කට දෙන්න කියලා මොනාදෝ එවලා.. මේ ළමයා ආවේ ඒක දෙන්න..."

අම්මටසිරි කොහොමද ඒ නැන්දම්මගෙයි ලේලිගෙයි ආදරේ !! එක දවසයිනෙ යකෝ  දැක්කෙත් අපේ අක්කව... අපිට නෑනේ මෙහෙම නැන්දම්මලා. නැන්දම්මෙක් හොයාගන්න කලින් කෙල්ලෙක් හොයාගෙන ඉන්න එපැයි... කොහොමටත් මට නම් දැන් ම ඔය කුන්ඩවාල කරගහගන්න කිසිම ඕනකමක් නෑ. මං තාමත් අම්මගෙ චූටි පුතානෙ...

මාත් ඉතින් බෑග් එකත් ගලවලා පැත්තකට දාලා අම්මා ගෙනත් දුන්න බීම එකත් බොන ගමන් ගිහින් අයියට එහා පැත්තෙන් වාඩිවුනා. වාඩිවුනත් හරි මිනිහා නෙවෙයි මං දිහා හැරිලවත් බැලුවේ. ටිකක් අවදානෙ දීපන්කෝ මනුස්සයෝහ්හ්... මේකා ඉන්නවා බීම එකත් බිබී ෆෝන් එකට කොට කොට... මොකාටද මන්දා ඔය හැටි කොටන්නෙ. එකත් එකටම මුට කෙල්ලෙක්වත් ඉන්නවද දන්නෙ නෑ... වෙන්න බෑ හැබැයි එදා කිව්වනෙ කෙල්ලෙක් නෑ කියලා, ඒත් ඉතින් මං මොකටද මූ කියපු පලියට ඒක විශ්වාස කරන්නෙ... අනිත් එක කවුද දන්නෙ ඉතින් එදා නෑ කිව්වට මේ වෙනකොට කොහෙහරි යන කුන්ඩවාලයක් එක්ක සෙට් වෙලාද ඉන්නෙ කියලා. අනේ ඉතින් මට මොකො මෙයාට කෙල්ලො එකෙක් බැරි නම් අන්‍තඃපුරයක් හිටියත්...ම්හ්ක් !!

නිලැස්Where stories live. Discover now