ඔයා බෙහෙත් ගන්න නෙවෙයිද...?
මේ මනුස්සයාට මාව මතක නැද්ද.....? එහෙම නැත්නම් මතක නෑ වගේ රඟපාන වද...? මම මේ අහන්නේ..... අපේ ආච්චිත් මැරෙන්න කලින් කියලා තිබුණා මගේ මේ පින්වන්ත මූණ දැක්කහම මාව හොඳට මතක හිටියා කියලා මිනිස්සුන්ට. මූට එහෙම වුණේ නැද්ද......?
මං..... මේ.... අජන්තගේ පුතා. ඔයා ඊයෙ මගේ ඇඟේ හැපුණේ... මං මේ කිව්වේ.... මම ඊයෙ ඔයාගේ ඇගේ හැප්පුනේ....
චැක්..... මූණ පිරෙන්න තිබ්බ අර ලස්සන හිනාව මේ යකා හංගගත්ත හැටි. දැන් ඉතින් ආයෙමත් අර බකුසු මූණ........ යකෝ මේ හසරැල් ව දැක්කහම ඕනි කෙනෙක්ට හිනා යනවා... විහිළුවක් කියලා හිතලා නෙමෙයි... මේ පින්වන්ත කොල්ලගෙ තියෙන ලස්සනට, ආදරේට...... හැබැයි මූට මම කවුද කිව්වහම ඒ මූණෙ හිනාවක වගක් වත් නැතිවෙලා යනවා. රූපන් පැහැපත් උනාට වැඩක් නෑ.... මිනිස්සුන්ගෙ හිත තමයි පැහැපත් වෙන්න ඕනේ. හිතේ පැහැපත් කම පේන්නේ හිනාවෙන්...... ඒකනේ මම ඔය ලෝබ නැතිව මිනිස්සු එක්ක හිනාවෙන්නේ හරි ලස්සනට. මේ මිනිහා නම් තනිකරම කළු ගලක්.....
පත ම පත කලුම කලු ගලක්... ඇත්තමයි....ආහ්.. මං ඒත් බැලුවා ඇයි මෙච්චර පුරුදු පෙනුමක් කියලා....
කාලා හමාරයි..... ඔය අහගත්තේ.... ඔය අහගත්තේ දොස්තර උතුමාණන්ගෙන්. දැන් ඉතිං නොම්බර එකටම කිච වියන් සමුද්‍ර......... සතුටු වියන් උඹ මේ මිනිහා ගාවට තනියම ආව එක ගැන..... අජන්ත වත් ආවා නම් එහෙම ඉවරෙටම ඉවරයි මගේ නම්බුව. උඹ අතුරුපසට උන්ගේ නම්බුව කයිද කියලා සැකේට වෙන්නැති අජන්ත උඹ එක්ක මෙතෙන්ට ආවෙ නැත්තෙ.....
අඩෝ .....තනිවම කිව්වහමයි මතක් උනේ..... ඊයේ මං ඇඟේ හැප්පුන නිසා මගේ පිටින් කේන්තිය පිට කරන්න මේ මනුස්සයා මට මොනවා හරි කරන්නත් බැරි නෑ...... අනේ දෙයියනේ....... මේ අහිංසක අසරණයා ගේ ජීවිතය අර කළු කුමාරයාගෙන් බේරලා දෙන්න...... මං පගාවට පළතුරු වට්ටියක් දෙන්නම්....
මං දිහා මූ දාගෙන ඉන්න බැල්ම නම් එච්චර හොඳ එකක් නෙමෙයි.... උඹ ඉවරයි... අනේ අජන්ත මූ මාව කයිද.... අඩේ.... මූ මාව පුච්චයි පුලුවන්නම් මේ බැල්මෙන්.....
ඔය රවන රැවිල්ලට මට මතක් වෙන්නේ අන්ටේම්ඩ් එකේ වන් ජි ව. හිනා පොදක් මූණේ නෑ.... මං කරන කිසි දෙයක් පේන්නත් බෑ... එහෙමයි කියලා මම නම් වේ යින් වගේ ලන් චාන්... ගාගෙන වන් ජි ගේ පස්සෙ යන්නා වගේ යන්නෙ නෑ මුගෙ පස්සෙන්...
YOU ARE READING
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Non-Fictionමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...