💐 පළමු මේඝය 💐

164 14 14
                                    

" කෝ බං.... කරුවලත් වැටිලනෙ.... තව දුරද උඹලගෙ ගෙදරට..... ? "

" හ්ම්.... ටිකක් විතර.... "

" එතකොට යකෝ අපි දැන් එ ටික දුරම යන්න ඔ්නි පයින්ද.... ? මට නම් අැත්තටම බෑ බං.... මං දැන් නම් තව එක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ....  අපිට ත්‍රීවිල් එකක්වත් හයර් කර ගන්න බැරි වෙයිද.... ? "

මගෙත් එක්ක පටු ගුරු පාර දිගේ තඩී බෑග් එකක් කර පින්නගෙන , ගාට ගාට කකුල් අද්ද අද්ද අැවිදන් අාව එකා අහනකොට මට උගෙන් අහන්න ඔ්න වුණේ තොගෙ තාත්තද ත්‍රීවිල් එකට යන්න සල්ලි ගෙවන්නෙ කියලා.... මීටරේටම ගන්න ගාන අහස උසට නැගලා තියෙනකොට වංගු දෙකතුනට මොකට නම් ගෙවනවද.... ?

මේ තරම් අමාරුවෙන් පයින් අැවිදගෙන යනකොට ත්‍රීවිල් එකක යන්න කතා කරන එක උගෙ අතින් බැලුවහම සාධාරණ අැති... එත් එ දුර පයින් ගිහින් පුරුදුයි මට... අනික තාර පාරෙ තියෙන වලවල්වල හැටියට ත්‍රීවිල් එකක ගියොත් එ ත්‍රීවිල් කාරයා අමතර ගානක් ගනීවි උෳව එ පාරෙන් එක්ක ගෙන යන මට හෙනගහන්න කියලා...

" තව වංගු තුනයි බං යන්න තියෙන්නෙ. උඹට ඔනි නම් මට උදවුවක් කරන්න පුළුවන්.... බෑග් එක මං ගන්නං.... අපි පයින්ම යන්... උඹ එකට කැමති වෙයි... "

රෙදි කෑලි ටිකකුයි ෆෝන් එකයි විතරක් තිබුණ මගේ බෑග් එක , එක උරහිසකට වාරු කරගෙන මම උගේ බෑග් එකත් මගේ කරට වාරු කරගත්තා. දැන්නම් ඉතින් උරිස් දෙක කැඩෙන්න වගේ.... බුදු අම්මෝ.... මූ මේ බෑග් එකේ පුරවගෙන ඉන්නෙ අැඳුම් ද නැත්තම් ගඩොල්ද.... ?

දැන් ඉතින් කරන්න දෙයක් නෑ... අැට්ටරයා මාලගෙයි අජන්තගෙයි පිහිටයි කියලා බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් ගොනා වගේ පලයන්.... එහෙන් මෙහෙන් බිමට කරුවල වැටීගෙන එද්දි රාස්සි වී වේලන වෙලාවෙ මේ මම වගේ සුකුමාල අහිංසක කොලු පැටව් පාරෙ යන්න හොඳ නෑ...

අපේ මාලා මට අනන්තවත් කෑගහලා තියෙනවා . ගොම්මනේ එහෙමෙහෙ යන්න එපා තොට කලු කුමාරයා ගහයි කියලා. එක අතකට මළ රෑ සොහොන් පිට්ටනියෙ ඉඳන් ඔලුව දාන බබෙකුත් ඉන්න මෝහිනීට වඩා කලු කුමාරයා හොඳ අැති.අපේ මාලා කලුකුමාරයව දැකලා තියෙනවද දන්නෑ ඔච්චර කියවන්නෙ...

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Tempat cerita menjadi hidup. Temukan sekarang