අඩේ මයේ ආසම ශර්ට් එක... ම්හුක්... ඕක මට මේ අවුරුද්දේ අලුත් අවුරුද්ද කාලෙ මල්සරා අයියා තෑගි කළේ... මගෙ පණ කෙන්ද වගේ ඒක... මම හරි ආතරෙයි මගෙ...... අයියට නෙවෙයි එයා ගෙනත් දුන්න ශර්ට් එකට...
මං ටක් ගාලා අයන් එක කෙලින් කළා... රත් වුණ පාරට අයන් එකේ හැඩයට සමාන කෑල්ලක් ශර්ට් එකෙන් පිච්චිලා ගිහින් අයන් එකේ ඇලිලා... ම්හුක්... පිනිඳුවා ගෙ කයියට හෙන ගහන්න... මයෙ සර්ට් එක... හුවෑ... මටමයි වෙන්නෙ...
සීවරං දෙයියනේ... දැන් මං මොකක් කියලා කරන්නද... මදින්න ගිහින් ශර්ට් එක මං පුච්චගත්තා මදිවට පිනිඳුවා එක්ක වලිත් දා ගත්තා... කියන්න සන්තෝශයි පිනිඳුවා ඉන්නවා කොරස් කට වගේ මූණ හදාගෙන...
මොනවද ලමයිනෙ උඹලා කාමරේ ඇතුලෙ ඉඳන් පුච්චන්නෙ... ගඳ එනවා කුස්සියට... පොඩී....
මාලා ගෙ ඔලුව අපේ කාමරේ ට එබෙද්දි මම හිල් වෙච්චි තැන අහසට අල්ලලා ඒකෙන් දවල්ට තරු පේනවද කියලා බල බලා ඉඳියෙ... අනේ මාලා... ඔයාගෙ පුංචි එකාව මේ ගොන් වස්සා කතාවට අල්ල ගත්තානෙ.. ම්හුක්.... මං ආසම සර්ට1 එක...
දවල්ට තරු මට පෙනුනා.. ඒ ශර්ට් එකේ හිලෙන් නෙවෙයි... අපේ මාලා හොඳටම උල් කරලා තිබ්බ හැන්දෙ මිටෙන්... මගේ ඔලුව අතගාපු නිසා.... මාලා පරල වෙලා....
අනේ මාලා... ඌයි නෙ...
රිදෙනවනෙ සූටි එකාට... ඔය වගේ කන මිරිකලා හරියන්නෙ නෑනෙ... ම්හුක්... අහිංශක කන මොකුත් දන්නෙ නෑ මාලෝ....... මයෙ කන.... ඌඌඌඌයිහ්.....
ඌයිනෙ... මගෙන් සුද්ද සිංහලෙන් මොකවත් අහ ගන්නැතිව හිටපන් ඇට්ටර ගෙම්බා... උඹට මදැයි මයෙ අහිංසක ලොකු එකා, ඒකගෙ පළවෙනි පඩියෙන් ම කමිසයක් අරගෙන දුන්නා.... එයාට වත් රෙද්දක් ගන්නෙ නැතිව...
ඔන්න ඉතින්.... අපේ මාලාගෙ එයාගෙ කුලුඳුල් දරුවා ගැන තියෙන ගුණ වරුණාව... ආයෙත් වතාවක්... නිතර නිතර ඔය එකම ටේප් එක මට විතරක් මොකද දිග අරින්නෙ... මොනා කරන්නද ඉචිම්.... බඩ පිස්සනෙ... කෑ ගහන්න හොඳ නෑනෙ මේ ගමනක් යන්න එලියට බහින්න ඉන්න වෙලාවෙ....
අනේ ඉතින්..... එහෙම නෙමෙයි නේ.... මම හිතලා පුච්ච ගත්ත එකක් යෑ... ඒක හින්ද මාත් එක්ක තරහ නැහැල්ලු...
![](https://img.wattpad.com/cover/371093214-288-k719176.jpg)
ESTÁS LEYENDO
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
No Ficciónමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...