මම නේත්‍ර ව බදාගෙන ඉන්නකොට මගේ පපුව කැක්කුම හැදිලා කැස්සක් වගේ එනවා මට දැනුණා. හරි අමාරුයි මේක ඉවසගෙන ඉන්න.. නේත්‍ර ගෙ නිල් පාට ශර්ට් එක මගේ අතින් විනාස නොවෙන්න මං ටක් ගාලා ඌව අතහැරියා.
" කැහැ කැහැ..
විනාඩියක් දීපම් බං...
"එහෙම ම කියපු මම මගේ රූම් එකේ කොණකට වෙන්න තිබ්බ සින්ක් එක ගාවට දුවලා ගියා. සින්ක් එක දෙපැත්තෙන් අත් දෙක තියලා බර වුණ මම පපුවෙන් පිටට එන්න දත කාගෙන හිටිය කැස්සට පිට පනින්න ඉඩ දුන්නා..
මම තදින් ම ඇස් දෙක පියාගෙන කැස්සට යන්න දුන්නත්, මට දැනුණේ මගෙ පෙණහණලි දෙකත් එක්කම ගැලවිලා එලියට යයි වගේ.. මම පපුව එක අතකින් මිරිකගෙන ආයෙමත් කහිනකොට මට දැනුණා මගේ පිට ට කවුරුහරි තට්ටු කරනවා වගේ...
" රිලැක්ස්.... රිලෑක්ස් මේඝ...
යූ ඕකේ නව්... ඔයාට ප්‍රශ්නයක් නැහැ නේද.?
මේඝ... පොඩ්ඩක් මෙහෙ බලපන්..."ඒ නේත්‍ර... නේත්‍ර තමයි මං විනාඩියක් දීපං කියලා ආවට එතන නොඉඳ මගේ පස්සෙන් ම ඇවිත් තියෙන්නෙ සින්ක් එක ගාවට. මගේ කොණ්ඩෙ බෙල්ලෙ අග ගෑවෙන්න තරමට දිග නිසා මගෙ මූණ නේත්‍රට පේන්නෙ නැතිව ඇති. මම සින්ක් එක නේත්‍ර ට නොපෙනෙන ගානට කවර් කරගෙන කතා කළේ අමාරුවෙන්.
" මම මූණ හෝදගෙන හැරෙන්නම් බං..."
මම ටැප් එකට අත තියන ගමන් කිව්වේ මගෙ බෙල්ලට දිග කොණ්ඩෙන් මූණ ටිකක් හරි වැහෙන එක ගැන සතුටින්. මොකද...
හෙට අනිද්දට කසාද බඳින්න ඉන්න මනුස්සය ව මට බෑ මගේ ප්‍රශ්න නිසා තවත් අමාරුවේ වට්ටන්න." විකාර නැතිව මෙහෙ හැරියන් මේඝ...
මොකද මම උඹව දැකලා නෑ කියලද..."මම අත තියපු ටැප් එක අරින්න නොදී නේත්‍ර ඉස්සරහට පැන්නා.
" මේ... ඝ...."
නේත්‍ර ගෙ කටහඬ ගැස්සිලා ගියා. මම මගේ ඇස් දෙක තදට පියා ගනිද්දි නේත්‍ර මාව උගෙ පැත්තට හරව ගන්නවා මට දැනුණා.
" මේඝ මොකද මේ කියපන්... මොකද කියලා කියපන් මේ.... "
නේත්‍ර අහනකොට මගේ ඇස් බොඳ වෙලා යනවා වගේ මට දැනුණා. පපුවෙන් එන වේදනාව ට පපුව තදින් මිරික ගන්නකොට මගෙ කටින් උත්තර එලියට පනිනවට වඩා එලියට ආවෙ ඇස් වලින් කඳුලු...
ESTÁS LEYENDO
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
No Ficciónමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...