ලස්සන...
හින්දද දැක්කම....
මට අහංකාරකම් පාන්නෙ
ඉතින් ඔච්චර....තිස්සෙම...
මැවි මැවි දිස්වෙන...
ඔබ පතා එන්නේ ආදරේට
තමයි මෙච්චර....මම සින්දුවකුත් කියාගෙන සාලෙට එද්දී තමයි මල් සරා ගෙට ගොඩවුනේ.
අම්මා .....ගෙදර මළ පෙරේත ගඳ අඩු වෙලා ගිහින්. කියන්නකො බලන්න ගෙදර මල පෙරේතයා හොඳට නාගත්තා ද..?
මගේ දිහා බලාගෙනම කින්ඩියට වගේ මල්සරා අහනකොට මම ඌට පුළුවන් හොඳම එකෙන් රැව්වා. ඇයි යකෝ.... සෙන්ට් පවුඩර් ගහලා, කොන්ඩෙ ලස්සනට පීරලා, මලක් වගේ හරිම වැදගත් තාලෙට ඉන්න මේ අහිංසකයාට නේද ඔය කට කැඩිච්ච කතාව කිව්වේ.....
දෙන්න හිතයි හොම්බ කට සමතලා වෙන්න. ඒත් ඉතිං එහෙම කරලා මං කොහොමද අජන්ත ගෙන් බේරිලා මේ ගෙදර ඉන්නේ.... ඒක නෙමෙයි... කෝ අජන්ත?
අර කලු කුමාර හාමු එක්ක කතා කරන්න පටන් ගන්නකොට දැක්කත් හරි තවමත් දැක්කෙ නෑ. මොකක් හරි කාරණාවකට අජන්ත ව ගෙදරින් එක්කං යන්න වෙන්නැති මිනිහා මේ පැත්තේ එන්න ඇත්තේ. අපේ අජන්ත ටත් අනේ දෙයියනේ පොඩි එකා ගෙදර ආවේ අද නේ කියලාවත් හිතලා පොඩ්ඩක් ඉන්න බෑ. යනවා හාමු ලට සුමේ කරන්න.
ලොකූ කලින්ම ගෙදර ආවේ මොකෝ...? ලොකු හාමුට එච්චර අමාරුවක් නෑ නේද..?
මාලා අහනවා... ලොකු හාමුගේ පුකේ අමාරුව සනීප ඇති. එහෙම නැත්නම් මිනිහට වැඩ කරන අයව ගෙදර කලින් යවන්න ඕනි කියල අදහසක් කවදාවත් ඇවිත් නෑනෙ. එයාට කිසි වුවමනාවකුත් නෑ එහෙම කරන්න...
අනේ ඒ වැඩ කරන මිනිස්සුන්ටත් පවුලක්, ගෙයක්, දොරක් තියෙනවද කියල හිතන්න බැරි තරම් ඔය මහලොකු උදවියට කොහෙද තියෙන්නේ හිතක් පපුවක් කියලා දෙයක්.
ලොකු හාමුගෙ පපුවෙ අමාරුව වැඩි වුණා.. මේඝ හාමු, භානු හාමුත් එක්කම අපේ තාත්තත් ඉස්පිරිතාලෙට ගියා. මේඝ හාමුගෙ කාමරේ මගේ බාහිර උපාධිය ටත අරන් දීපු පොත් ටිකක් තියෙනවා කියලා, ඒ ටිකත් අරගෙන මට ගෙදර ගිහින් පාඩම් කරන්න කිව්වා.
ඒක හින්දා තමයි මං ආවේ.. අම්මා දන්නෙ නෑනෙ වලව්වේ වෙච්චි දෙයක්.
ESTÁS LEYENDO
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
No Ficciónමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...