උඹ හරි ලස්සනයි... කට පණ්ඩිතකම පොඩ්ඩක් අඩු වුණා නම් ඊටත් වඩා ලස්සනයි...
එයා ආයෙමත් කියනවා. ඇයි මනුස්සයෝ කතා කරන්නේ නැතිව ඉඳලා ඉඳලා...... කියන එකම එක වචනෙකින් මාව මේ තරම් අවුලවන්නේ...?
මහත්තයා මල් වට්ටිය ලෑස්තියි...
උඹට මල් තියනවද බං....
මට මල් මොකටද මහත්තයා.. මල් පූජ කරපු හැමෝම කරන පින් මට අනුමෝදන් වෙනවනේ....
පණ්ඩිතයි උඹ හරියට.. යං.. මේ මල් වට්ටිය දෙන්නත් එක්කම පූජ කරමු.
මම එයා ලඟට ම ගියා... එයාගෙ අත් දෙකේ මල් වට්ටිය තිබුණා... මම එයාගෙ කිට්ටුවෙන්ම හිටගෙන චෛත්‍ය මළුවට පඩි නගින්න පටන් ගත්තා..... අපි චෛත්‍යය ගාවට යන්නේ... සඳකඩ පහණ පහුකරලා නගින නගින හැම පඩියක් ගානේම එයාගේ දිහා බලාගෙන ම ප්‍රාර්ථනා කළේ අපි දෙන්නට සසර පුරාවටම මේ විදිහට එකටම යන්න පුළුවන් වෙන්නේ කියලා....
මගේ හිත කියන්නෙම එයා වගේ කෙනෙක් ගේ ආදරේ ලබන්න පින් ගොඩක් කරලා තියෙන්න ඕනි ඇති කියලා..... හරි සර්වසම්පූර්ණ මනුස්සයෙක් එයා..... මම දන්නවා මේ ලෝකෙ මිනිස්සු හැමෝම සර්ව සම්පූර්ණ අය නෙමෙයි.. කොටින්ම කිව්වොත් හැමෝගෙම ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා... පිටට පෙණුනට එයාලා සර්ව සම්පූර්ණ ජීවිතයක් ගෙවනවා වගේ... ඒත් ඒක එහෙම නෙවෙයි...
එයා නිහඬයි.... එයා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි.... කියන්න ඕන දෙයක් තියෙනවනම් ඒ දේ කෙළින්ම කතා කරලා, අනවශ්‍ය දේවල් කියන්නෙ නැතුව නිකම්ම ඉන්න ජාතියෙ කෙනෙක්... හැම වෙලේම තමන්ගේ හිතේ තියෙන හැඟීම් පිටතට නො පෙන්නුව උනාට එයා නියම මනුස්සයෙක්.... නියම පිරිමියෙක්.... මටනම් පේන්නෙ මේ දොස්තරයව මනුස්ස වෙසින් ඉන්න දෙවි කෙනෙක් වගේ... ඒ තරම් එයා නිස්කලංක වගේම තැන්පත් නිවුණු කෙනෙක්...
අපි දෙන්නට දෙන්නගේ ළඟින් ඉඳන් ත්‍ය මළුවට ආවා... චෛත්‍ය මළුව තමයි පන්සලේ උඩම තැන... සුදු වැලි අතුරවලා ලස්සනට හදපු වැලි මලුවක් තියෙනවා... උඩ ඉඳන් බලනකොට අපේ ගම හරි ලස්සනට පේනවා.. මම මෙතනට තමයි ආසම...
ඇයි අනේ... නිදහසේ ස්වභාව සුන්දරත්වය හරි විඳගන්න අපි උත්සාහ කරන්න ඕනනේ... කොලඹ ජීවිතේට ම හුරු වෙලා හිටිය පිනිඳුවා පහුගිය දවසට අපේ ගෙදර වටපිටාව ට හුරු වුණා... ඒත් තාමත් ඌට අපේ ගම අලුත්...
YOU ARE READING
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Non-Fictionමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...