💐 විසිඅටවන මේඝය💐

20 4 0
                                    

මොකක්ද දැන් උඹ කියන්නේ? උගෙන් ආයෙ මට ප්‍රශ්නයක් නෑ කියලා. මට සැකයි ඔය කියන තාලෙට උඹ ඌව මරලා ආවද කියලා....

මැරුවේ නෑ බං.... උඹ හිතන තරම් මම මැටි නෑ. හැබැයි උගෙන් උඹට කරදරයක් ආයෙ වෙන්නෙත් නෑ.. මොකක් හරි එකක් ඌ එහෙම කරන්න ආවොත් මම දන්නවා ඌව හැඬල් කර ගන්න ඕන විදිහත්...

වහෙන් වහෙන් ඔරෝ කතා කියනකම් පැහැදිලිව කියපන් මට ඔහෙන් ඔහෙන් වරෝ කියලා....
මොකක් හරි පළහිලව්වක් තියෙනවා නේද උඹෙයි අභිමන්‍යුගෙයි අතරෙ...

තොට අමු කැවිලද පගෝ.. මොනෝත්තක්ද තෝ කියන්න දඟලන්නේ?

උඹ ඔය අභිමන්‍යු පගයා එක්ක සෙට් වුණේ නැත්තම් මම කනක් කපා ගන්නවා. මතක තියා ගනින්... මගෙ නම සමුද්‍ර නෙවෙයි උඹ ඌට සෙට් වුනේ නැත්තම්....

බංගලාවට යන පාර දිගේ ඇවිදගෙන යන ගමන් තේජානයා මට කියන්න ගත්තෙ දවල් ඒකා ආවේ නැති එකට හේතුව.
අභිමන්‍යු ට පාඩමක් කියලා දීලා මහන්සියට ලු ආවෙ නැත්තෙ... මට සැක අර කෝල් එකේදි කිව්ව තාලෙට මූ බදාගෙන නිදා ගත්තෙ, කොට්ටෙද නැත්තම් අභිමන්‍යු ද.. කියලා.
අද ඇඟට හරි නැහැ කියලා පිනිඳු නම් බංගලාවට යන්න ආවෙ නෑ.
තේජානයයි මමයි තමයි. මම නම් මේ භානු අයියගෙ ලෙක්චර්ස් අහගෙන ඉන්නවට වඩා යන්නෙම සුදු මහත්තයා ව බලන්න නෙ...

මගෙ බෑග් එකේ මාලා ට කියලා ඔතව ගත්තු බත් මුලක් තියෙනවා. සුදු මහත්තයට.... මම ඇත්තට ම කැමති නෑ සුදු මහත්තයා උදේ පාන්දරට වැඩට ගිහින් ඇවිත් තමන්ට කන්න තනියම උයා ගන්නවට..
මයේකා ට මේ වහලෙ යට මොනව වෙනවද කියලත් අපි බලමුකො.

පොඩී... උඹ මෙහේ...?
මේ නේත්‍ර දොස්තර මහත්තයා ගෙ මල්ලි නේද?

ඔව්.... අනේ...
මේ... අපිට නොතේරෙන පාඩම් කියලා දෙන්න කියලා භානු අයියා එන්න කියල තිබුණනෙ අජන්ත....
ඒකයි ආවෙ....

හ්ම්.... ඒක මිසක්.... ඒත් මේ..
මැණිකෙයි, චූටි මැණිකෙයි ඉන්න තැන්වල නම් චුටි හාමු ට අයියා කියලා කියන්න එපා...
බංගලාවෙන් පිට මිනිස්සු එක්ක නෑදෑකම් තියා ගන්න ඒ උදවිය කැමති නෑ.....

හරි හරි අජන්ත.... මම දන්නව... මගේ අතෙන් වරදක් වෙන්න තියන්නෑ මං... අජන්තට බැණුම් අහගන්න වෙන මොකවත් මම කරන්නෙ නෑ...
බය වෙන්න එපා...

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Donde viven las historias. Descúbrelo ahora