MEGHA POV
" එහෙනම් මම පිටත් වෙන්නම් දොස්තර මහත්තයා..."
මගේ ඉස්සරහ ඉඳගෙන හිටිය මැදි වයසේ පිරිමි කෙනා නැගිටලා කියද්දි මම හිනා වෙලා ඔලුව වැනුවා. ඒ අද දවසට මගේ අන්තිම පේෂන්ට්...
අද දවසට මගේ අන්තිම ලෙඩා...
ඒ කියන්නෙ අද දවසට මගේ වැඩ මේ දැන් ඉවරයි කියලා කියන එක...මම වෙද නලාව ගලවලා මේසෙ උඩින් තියද්දි, මගෙ ඉස්සරහ හිටපු කෙනා දොර ත් ඇරගෙන එලියට ගියා.
එහෙමම මගෙ පුටුවෙ ඇන්දට ඔලුව තියාගෙන අනිත් පැත්ත හැරුණ මම කල්පනා කරන්න ගත්තෙ මොකක්ද එක පාරටම වුණේ කියලා.අප්පච්චි එදා මං වෙනුවෙන් සුලෝචනා පුංචි අම්මා ට කනට එකක් ගැහුව වෙලාවෙ මං උඩ ගියා. ඒත් මට හොඳටම මතකයි තේජාන් මල්ලිගෙ ඔලුවට උඩින් මගෙ ඇට්ටර පැටියා අතත් මිටි කරගෙන ඔලුව දාගෙන හිටිය විදිහ...
මම දැක්කෙ නෑ කියලා ඒකා තාමටත් හිතාගෙන ඇති. ඒත් ඉතින් උගෙ හෙවනැල්ලක් අහල පහළ තිබ්බත් මට දැනෙනවනෙ..
ඒ තරම් ආදරෙයි මම මගේ මෙ මෝඩ ගෙඹි පැටියට.එදා වෙච්ච දෙයින් පස්සේ මාත් එක්ක හැම වෙලේම ඇමිණීගෙන ආවෙ නෑ පුංචි අම්මා.
අද එයාම මට බත් එකකුත් බැඳලා දුන්නා. මොකක් හිතිලද මන්දන්නෑ... ඒත් ඉතින් මට ඒක කන්න පුලුවන් යෑ ෆාමසි කෝස් එක ඉවර කරලා ඩිප්ලෝමා එක ගත්ත සතුටට පැතුම් මල්ලි මට එයාලගෙ ගෙදරින් ම බත් මුලක් ගෙනැත් දෙනකොට...මට සැකත් තියෙනවා ඕක මයෙ ඇට්ටර ගෙඹි පැටියා අයියා අතේ එවපු එකක්ද කියලත්. එදා අර වලිය අස්සෙත් ඔය කොල්ලා බත් මුලක් තියලා ගිහින් තිබුණනෙ මට කියලා...
මොනා වුණත් පැහැදිලි වෙනසක් තියෙනවා කුඩම්මාගේ...
එදා ඒ ප්‍රශ්නෙන් පස්සේ මට ටිකක් හොඳට සලකනවා. වෙන එකක් කියන්නෙ වෙනදා මට උයන්නෙ වත් නැති කෙනා දැන් මටත් එක්ක උයන්න පටන් අරගෙන...
ඒ හැටි කැමැත්තකින් නොවුණත් මට කන්නත් කෑම මේසෙට කතා කරනවා..මොකක් නමුත් දෙයක් තියෙනවා මේ වෙන දේවල් පිටිපස්සෙ මම දන්නැති. කවදාවත් නැති විදිහට නෙ දැන් මේ ගොල්ලො මට සලකන්නෙ. ඒත් කලින් තරම් ලොකු සැලකිල්ලක් භානු ට නම් නෑ...
YOU ARE READING
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Non-Fictionමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...