ඇත්තටම ඒක හරිම ලස්සනයි... නැන්දට හාමු මහත්තයා ගෙ හිත යන්න හේතුව වෙන්නැත්තෙත් මේ ලස්සනම තමයි.
මාලාට බටර් ගොඩක් ගාලා මම නැන්දගෙ පින්තූරයක් හොයා ගත්තෙ...
අපෙ අජන්ත ඉතින් කුමුදිනී ගෙ පින්තූරෙ රකින්නෙ මැණිකක් රකිනා නා රජිඳෙකු සේ නෙ...වළව්වෙ කුමාරිහාමි වෙන්න පින නැතිවට මගේ සීදේවි කුමුදිනී ඔය ඉන්නෙ... හරියට පරවි කිරිල්ලියක් වගේ...
ඒ කාලෙ මං එහෙම හිටියනම්...
හාමුට ත් කලින් ම මං කුමුදිනීට බැල්ම දායි...
එහෙනං කිසි ප්රශ්නයක් නෑ නෙ...
වලව්වයි අපෙයි අතර ප්රශ්නෙකුත් නෑ...
මටයි මගෙ සුදු මහක්තයා ටයි ප්රස්නෙකුත් නෑ... ඉහික්...ඒත්... මම අපේ නැන්දට බැල්ම දැම්මනං මගෙ සුදු මාත්තයට යන අතක් නැති වෙනවනෙ...
එක්කොත් නැන්දව එපා...
මම මගේ හිත හදාගෙන ඉන්නෙ.. මගේ හාටුව ගැහෙන්න මේඝ... මේඝ... මේඝ කියලා නෙ...
ඔහොම එකක් හීනෙන් වත් හිතන්න පුළුවන් යෑ මගේ සුදු මහත්තයා ව මතක් වෙනකොට..
මට එයා ඇති...
එයාට මං ඇති...සමහර විට මං මේ තේරුමක් නැති දෙයක් පස්සෙ පන්නනවා වෙන්න පුළුවන්...
විශාකා මැණිකේ ගෙ නම් දෙන්නම....
මම කාලෙ යි මගේ හිතිවිලි යි දෙකම නහස්ති කරනවා වෙනවා...ඒත් බැරි වෙලාවත් නිවුන්නු දෙන්නගෙන් එක්කෙනෙක් මගෙ නැන්දගෙ ළමයා නම්..
එතකොට නෑ නෑ කියලා හංගන්න හැදුවට අපිටත් වළව් පෙළපතට නෑදෑ කමක් තියෙනවා වෙනවා.." උඹට මොකද මේ හදිස්සියේ ම කුමුදි ගැන හොයන්න හිතුනෙ...?"
පිංතූරෙ දිහා බලාගෙන බර කල්පනාවක හිටි මට මාලා ගෙ කටහඬ ඇහෙනකොට තමයි මතක් වුණේ... මම මේ පින්තූරෙ එක්ක කල්පනා කර කර ඉඳලා තියෙන්නෙ මාලා ත් මෙතන ඉන්නකොට කියලා....
මං හරි අහිංසක හිනාවක් දාන ගමන් මාලා ගෙ පැත්තට හැරුණා...
හොඳ වෙලාවට මායි මාලා යී ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ගෙදර නැත්තෙ...
KAMU SEDANG MEMBACA
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Nonfiksiමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...