💐දොළොස්වන මේඝය💐

28 7 1
                                    

වුණයින් වුණේ නැහැ මේ වගේ දෙයක්... චැක්.... කෙල්ලෙක් බැඳගෙන ජ්‍යෝතිෂය කඩයක් දාගෙන මහා ජ්‍යෝතිෂයවේදී කියලා සංස්කෘතිය විකුණගෙන කන්න ප්ලෑන් කර කර හිටපු මට මොකක් ද ඒ වුණේ....?

මම මොන ලබ්බකටද ඕයි ගිහින් අර දොස්තරයා ගෙ බෙල්ලෙ එල්ලුණේ.... ඌ මගේ අම්මා අප්පද....

මම හැමදාම ඔය වගේ ගොබ්බ... කුජීත වැඩ කරගන්නෙ නැහැ.. ඉඳලා හිටලා වුණොත් ඇරෙන්න.

මම දැන් ඉන්නෙ අපේ ගෙදර මිදුලෙ කෙලවරකට වගේ වෙන්න හෙවනට ලොකුවට අතු පතර විහිදිලා තියෙන මී අඹ ගහයට තියෙන බංකුව උඩ.

තැන නම් හරි සනීපයි... පිනිඳුවා ආපු වෙලේ ඉඳන් මූණ කොරහ ගානට හදාගෙන ඉන්නවා... හේතුව ඇහුවහම කියනවා කොහේද යන ගාෆිල්ඩ් කෙනෙක් නිසා එයාගෙ දිහාට බුක් ශොප් එකේ හිටපු මිනිස්සු හිනා වුණා ලු...

මම නම් කියන්නේ අපිට ඒකට කරන්න දෙයක් නෑ... මනුස්සයෙක් ට හිනා වෙන්න එපා කියලා අපිට නීති දාන්න බෑ නෙ... ඒත් ඉතින් උන් දැනගන්න ඕන අනිත් මිනිස්සුන්ට හිනා වෙන්න කලින් ඒ මනුස්සයා දැන් ඉන්න තත්ත්වයෙන් තමන් ව හිතලා බලන්න...

එතකොට තමන් අපහසුවට ලක් වුණ වෙලාවක තව කෙනෙක් තමන්ට විහිලු කරනවා නේද..... ඒක තමයි මිනිස්සුන්ගේ හැටි දැනගන්න පුළුවන් සරල ම ඒත් තාත්ත්වික ම විදිහ...

මම ඒකනෙ නැව ගිලුනත් බෑන් චූන් එකේ ඉන්නෙ.... මගේ ජීවිතේ මම හිතලා මහන්සි වෙලා යමක් කරා නම් ඒ ඒ ලෙවල් විතරයි... අපේ ගෙවල් පැත්තෙ කැම්පස් යන්න තේරුණු තේජානි අක්කත් මට කිව්වා කැම්පස් ජීවිතේ රසයි තමයි... ඒත් ඒ රසය විඳින්න නම් නීරස ඒ ලෙවල්ස් හරි ලස්සන ට ඉවර කරන්න ඕන කියලා....

අජන්තලා ට අන්තිම වෙනකනුත් මම කියලා තිබ්බේ මම කරන්නෙ ආට් සබ්ජෙක්ට්ස් කියලා.. ඉතින් අජන්ත නම් හිතාගෙන ඉඳලා තියෙන්නේ මම කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා කියලා.

පෞද්ගලික ව මගේ මතේ තමයි ලෝයර් ලා කියලා කියන්නේ ම මහ බොරුකාර ජාතියක්. විද්‍යාඥයො ගේන තර්ක වලින් නව නිපැයුම් කරනවා... ගැටලු වලට උත්තර හොයනවා....

ඒත් ඒකම ලෝයර් ලා ගේන තර්ක වලින් සමහර විට යුක්තිය ජය ගත්තත්, ගොඩක් දුරට තමන්ගෙ අතට හම්බ වෙන ගතමනාව වැඩි නම් බොරුව වුණත් ඇත්ත කරලා පෙන්නන එක ලෝයර් ලට අමාරු වැඩක් නෙවෙයි, කජු කනවා වගේ වැඩක්..

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Donde viven las historias. Descúbrelo ahora