💐හතළිස් දෙවන මේඝය💐

18 5 1
                                    

8 වසරකට පසු..

ට්‍රිං...  ට්‍රිං.......

නිදිමතේ හිටපු මම එලාම් එක එහෙමම ඕෆ් කරලා අනිත් පැත්තට හැරුණා. හරිම මහන්සියි. ගෙදර එනකොටත් පාන්දර දෙක හමාරට විතර ඇති.
ගොඩක් සීරියස් සිටුවේශන් එකක ඉන්න ඇල්ෂයිමර් පේෂන්ට් කෙනෙක් අද එක්ක ආවා. එයාගෙ වැඩේ ම සුසයිඩ් කර ගන්න ම ට්‍රයි කරන එක. එයා ආදරේ කරන බෝයි ව ගෙදරින් මැරි කරන්න නොදෙන නිසා... ඒ දරුවට ඩිප්‍රෙෂන් වැඩි වෙලා ඇල්ෂයිමර් තත්ත්වය ට ම ඒක වැඩි වෙලා තිබුණා.

අම්මා තාත්තාට වත් නොතේරුණු එයාව මම තේරුම් ගත්ත නිසා ඒ දරුවා මාත් එක්ක ගොඩක් ෆිට් වුණා.
ඒත් මට දැන් හොඳටම නිදිමතයි.

ට්‍රිං ට්‍රීං ට්‍රීඊඊඊං.....

මොන මළ කරදරයක්ද අප්පා.... මේ එලාම් එක වෙලාවකට හිතෙනවා උස්සල පොළොවෙ ගහන්න...
මම එහෙමම ෆෝන් එක අතට ගත්තා... හත හමාරයි....
මම අට වෙද්දි ලීසන්ස් එකට යන්න ඕන.. හොඳටම පරක්කු වෙලා.





ආ... සමුද්‍ර නැගිට්ටද....? ගුඩ් මෝනිං....

හ්ම්ම්.... මෝනිං....

ඒ අජන්ත. මම එහෙමම කෑම මේසයට වාඩි වුණා. අද මාලා මොනවද හදලා තියෙන්නේ බලන්න. කංකුං බැදුමක් එක්ක පරිප්පු මාලුවයි, ඊයෙ රෑට හදපු චිලි පේස්ට් එකයි....
නරකමත් නෑ...
ඉක්මනට කටවල් දෙකක් කාපු මම මගේ ෆෝන් එක රින්ග්ස් යනකොට ඒක උස්සල කනේ තියා ගත්තා.

හෙලෝ....

හෙලෝ මේ ඩොක්ටර් සෙනෙවිරත්න නේද..?

යස්.. ස්පීකින්...

සර්... මගෙ නම කිරුලි....
මම කතා කළේ මම සර්ගෙ අධීක්ෂණය යටතේ මගේ පුහුණු කාලෙ ඉවර වෙනකම් ඉගෙන ගන්න ඕන කියලා මට කිව්වා....
සර්ගෙ හොඳ රෙකමන්ඩේෂන් එකක් නැත්තම් හොඳ හොස්පිටල් එකකට එන්ටර් වෙන එක අමාරුයි කියලා ගොඩක් කට්ටිය කිව්වා...

හ්ම්ම්....
මම දැන් එන්න හදන්නෙ ආවම කතා කරමු මිස්.....

මගෙ නම කිරුලි සර්.....

ඕකේ... මිස් කිරුලි...
අයිම් ඊටින් නව්. මම ඇවිත් කතා කරන්නම්. එයිට් තර්ටි වෙනකොට ලීසන්ස් එකේ මගේ වෝඩ් රූම් එකට එන්න...
අයි විල් වෙයිට් ෆෝ ට්‍රේනීස් දෙය..

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Donde viven las historias. Descúbrelo ahora