💐දහනවවන මේඝය💐

75 8 2
                                    

මට දැනගන්න පුළුවන් ද මොකක්ද අරූ ඒ කිව්වේ කියලා....

අනේ ඉචිම්... එයා ඔයාට කැමති නැති එකට මං මොනා කරන්නද සුදු අයියේ....

මගෙ මූණ ඉස්සරහා වයිට් ෆ්ලැග්ස් වැනෙනවා වැනෙනවා වගේ... ම්හුක්... මේ මනුස්සයා ට නම් තියෙන්නෙ සාමාන්‍ය ඇස් දෙකක් නම් වෙන්න විදියක් නැහැ... දෙවියො මේ මිනිහව මවනකොට හේඩස් ගේ නපුරුකමයි සියුස් ගෙ ආධිපත්‍යයයි දෙක වැරදිලා බෝතල් පිටින් ම හලලද කොහෙද...

කෙනෙක් ට කොහොමද පුළුවන් වෙන්නේ තමන් ආදරේ කරන කෙනාට පතුරු ගහන්න පුළුවන් බැල්මක් දාන්න... ඒ මදිවට බනින්න...? ම්හුක්... අහු වෙත් දෙන් අර තේජානයා... වල් වඳුරු කට හැකර හු....

නෑ එක්කොත් ඕන නෑ... මම ඔය වචන නිසානෙ දැන් අරයගෙන් අහ ගන්න යන්නේ... බලන බැලිල්ලෙ හැටියට පුළුවන් නම් තඩි මකනෙකින් මාව මකලා හොඳට උල් කරපු පැන්සලකින් මාව අඳියි... හහ්... යකෝ... හිතට පුරුෂ ශක්තිය ගත්තට මොකෝ මේ මිනිහා ඉස්සරහ තියෙන පුරුස සත්තිය පෑල දොරෙන් එලියට පැනලා දුවනවනෙ.... ම්හුක්...

මගෙ ඇස් බිමට හැරුණා... ඒ බැල්ම දිහා බලන් ඉන්න බෑ... හරියට පණ පිටින් පුච්චනවා වගේ... ශිව දෙවියන් ගෙ තුන්වෙනි ඇහැ වගේ මේ මිනිහගෙ කේන්තිය... පත්තු වුණොත් සුන්... සුනේ සුන් වෙලා සුන්නද්ධූලි වෙලා යනවා....

මම ආයෙ උඹෙන් අහන්නෑ.... මම තේජාන් ගෙන් ම දැනගන්නද...

ඉවරයිනෙ... තේජානයා ගෙන් ඇහුවොත් නම් ඉතින් මට කෙලියා හුටා තමයි... ඌ කියන්නේ එක, දෙක තුන බවට පරිවර්තනය කරන්න පුළුවන් කම තියෙන අමුතු කටර් එකක්. දැන් ඉතින් අන්තිම තුරුම්පුව අදිමු සමුද්දයො...

පොඩී ආයි ඒම කියන්නෑලු සුදු අයියෙ...

මම ඇහුවෙ මට ඒ අහන්න ලැබුණ දේවල් වල තේරුම විතරයි..

ඔය ඉතිං... ඇස් බෝල කරලා බේරෙන්න හැදුවට මූත් එක්ක ඒක කරන්නත් නෑ... ඇයි අම්මපා.... මම දැන් ඩිංගකට කලින් නේද ලව් යූ කියලා කිව්වේ... ම්හුක්... මේ දැන් ටිකකට කලින් නේද කිව්වේ මං නැති වුණොත් මැරෙයි, කවදාවත් අතහරින්න එපා කියලා... නපුරු බස්සා... බකමූණා... කකුල් දෙකෙන් ලයිට් වයර් වල එල්ලිලා ඉන්න වැම්පයර් වවුලා...

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Место, где живут истории. Откройте их для себя