Thejan pov
හැමදාම මම බලාගෙන හිටියා... මම ඉස්කෝලෙ කාලෙ ක්‍රිශ් කරපු පහන්දි නංගිට දේවි බාලිකාවෙ කෙල්ලෙක් එක්ක හුටපටයක් තියෙනවා... මම ඒකිව මගෙ හිතෙන් අයින් කළේ බොහොම අමාරුවෙන්.. මට කෙල්ලෙක් නිසා විරහවක් ආවත් මම ඒකි නිසා මස්ත බාල්දු වුණේ නැහැ...
මට අපේ අයියයි එයාගේ යාලුවා යි නිතරම කියලා තියෙන්නෙ තමන්ට වටිනාකමක් දන්නැති අය ගාව බොරුවට වැඳ වැටිලා වැඩක් නෑ කියලා...ඒක ඇත්ත කියලා මට තේරුණා.. මොකද... මම පහන්දි එක්ක ඩේට් කරපු වගක් එයාගෙ පැත්තෙන් කවුරුත් දන්නෑ... කොටින්ම මේඝ අයියත් දන්නෙ නැතිව ඇති.. ඒත් මට දෙතුන් පාරක් ම මේඝ අයියා කියපු දෙයක් තමයි පිට කවරෙන් පොත් මනින්න එපා තේජාන් කියපු එක...
සමහරවිට එයා දන්නවා ඇති...
මොකද එයා එහෙම කියපු නිසා තමයි මම පහන්දි ගැන හොයලා බලන්න තීරණේ කළෙත්.කොටින්ම කිව්වොත් පහන්දි නංගිට මගෙත් එක්ක එෆෙයා එක තිබ්බෙ ඕලෙවල්ස් කාලයේදි. ඒත් ඒක වැඩි කාලයක් නොතිබුණේ එයා ඒ නවය ගත්තට පස්සෙ දේවි බාලිකාවට ගිය නිසා...
එහෙදි සෙට් වුණු කෙල්ලෙක් එක්ක එයාගෙ හිත තදින් බැඳෙනකොට පහන්දි අමතක වුණා මෙහේ එකෙක් එයා එනකම් බලාගෙන ඉන්න බව...පස්සෙ හරි අමාරුවෙන් හිතට තේරුම් කරන්න මට පුලුවන් වුණා... මගෙ හිතට යන්තම් දෙයක් තේරුම් ගියා.. ඒ තමයි තමන්ට ගැලපෙන ම කෙනා බව නොදැනෙනකම් තමන්ගෙ ජීවිතේට කාටවත් ඇතුල් වෙන්න ඉඩ දෙන්න හොඳ නැති බව...
තමන්ගෙ ජීවිතේට හොඳටම ගැලපෙන කෙනා හම්බ වෙනකම් නිහඬව ම ඉන්න මම තීරණය කළා..පහන්දි මට කරපු ඒ කැත වැඩෙන් මට පහන්දි ගෙ පරම්පරාව ම එපා වෙද්දි පහන්දි ගෙ අයියා වුණ මේඝ අයියා ගැනත් මේ ළඟක් වෙනකම් මගෙ හිතේ තිබුණේ පැහැදීමක් නෙවෙයි ...
ඒත් පහන්දි ව මනින කෝණයෙන් ම මේඝ අයියව මනින එකේ වැරැද්ද කරන්න හොඳ නැති බව මට තේරුණේ මම සමුද්දයා ගෙ ගෙදර ගිය දවසෙ..එදා මූඩ් ගහපු සමුද්දයා කියපු කතාවයි, පෙන්නපු මේඝ අයියගෙ පින්තුරෙටයි පින් සිද්ධ වෙන්න මං හිතා ගත්තෙ මේඝ අයියත් මයෙ යාලු පරානෙට දාර බූටක් තියලද දන්නෑ කියලා...
ඒත් පපුව පිච්චිලා යන ඒ කටහඬේ පිරිලා තිබුණ වේදනාව දැක්කහම මට මම කොයි තරම් වැරදිද කියලා හිතුණා....
YOU ARE READING
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Non-Fictionමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...