💐තිස් එක්වන මේඝය💐

67 9 4
                                    

හරි හරි මේ... මං ආයි යන්නෑ...
මොකද්ද අජන්ත ඔයත් හරියට නිකම් අර පල්ලහා ගෙදර කාන්ති නැන්දගෙ පොඩි එකා වගේනෙ...
මට ඔය පොරොන්දු වෙවී ඉන්න වෙලාවක් නෑ.
මම ආයි එහේ යන්නෑ...
ඔන්න කිව්වා....
ඒක නෙවෙයි...
නැන්දගෙ බබාට මොකද වුණේ..? මම මේ වෙනකම් දන්නෑ නෙ මට අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි හිටියා කියලා...
ඒ බබා ඉපදුනාද..?
නැත්තම් එයාට කරදරයක් වුණාද..?

මොකක්ද අප්පච්චියෙ කියනවකො අනේ...



අජන්ත මගේ වචන පිළිගන්නද නැද්ද කියල ඇනලයිස් කරනකොට, මම ආයෙමත් එයාට එයා කිය කියා හිටිය කාරනේ කියන්න කියලා වද කළා..

මට කොහෙත්ම පොරොන්දු වෙන්න බෑ මම මේඝ අයිය එක්ක තියෙන සම්බන්ධෙ නවත්තනවා කියලා... මට එයාට කියන්න පුලුවන් මම ඔය වලව්වට අඩියක් වත් තියන්නෑ කියලා...
විශේෂයෙන් ම අජන්ත කැමති නැති තාක් කල්...

මොනා වුණත් වලව්ව පේන්නෙත් පුස් පාටට වෙනකොට ඔය වලව්වෙ මාන්නක්කාරකම හින්දා කී දෙනෙක්ගෙ නම් ආදරේ හිත ඇතුලෙම මැරිලා යන්න ඇතිද කියලා මතක් වෙනකොට මට හිතා ගන්න බැරි....
මගේ මේඝට, වලව්වෙ උන් මං ගැන දැන ගත්ත දාකට මොන විදිහෙ නම් අඩම්තේට්ටම්වලට ඔය වලව්වෙ බිත්ති හතර අස්සේ මූණ දෙන්න ඉඩ තියෙනවා ද කියලා  ...   

මම දන්නෙත් නෑ බං... ඒ ළමයා මැරිලද පණ පිටින් ද කියලා...
මම දන්නෙ එකම දෙයයි...
අපේ නගා විශාකා මැනිකෙව හම්බ වෙලා මටත් හොරෙන් සේරම කාරණා ටික කියලා කියන එක...
මගෙන් විශාකා මැණිකේ ඒ ගැන විස්තර අහද්දි මට කියා ගන්න දේවල් නැති බව මැණිකෙට තේරෙද්දි මැණිකෙ ම මට කීවා මැණිකෙ හැම ඇත්තක් ම දන්නවය කියන එක...

කොහොමින් කොහොමින් හරි මට බැණුම් අහලා රස්සාවත් නැති වෙයි කියලා හිතුවට ඒ වගේ දෙයක් වුණේ නෑ...
මැණිකේ මට කිව්වෙ මැණිකෙව කසාද බැන්ද වුණාට, දරුවෙක් බඩට දුන්නා වුණාට විනායග හාමුගෙ හිතයි, ආදරෙයි දෙකම තාමත් තිබ්බෙ කුමුදිනී ගාව කියලා...
ඒ අහිංසක ගෑනි මට කිව්වා...
දරුවා ගැන තමනුත් බලන්නම් ය... ඒත් තමන් දික් කසාද වෙලා විනායග හාමු ව අතෑරලා තමන්ගෙ ම කුසේ ඉන්න දරුවට තාත්තව නැති කරන්න කැමති නෑ ය කියලා...
මම දන්නෑ පුතේ.. මට හිතා ගන්න බැරි වුණා කරන්න ඕන දේ..

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Onde histórias criam vida. Descubra agora