ඇඟත් එක්ක හිරිවැටිලා ගියා එයාගෙ කටහඬ ඇහුණහම... කොටින්ම කිව්වොත් තිස් තුන්දාහෙ කරන්ට් වයර් එක කනේ වැදුනා වගේ... මම ගැස්සිලා ගියා...
ඒ කටහඬ වෙව්ලනවා... හරියට මේ දැන් නැතිවෙන්න තිබ්බ දෙයක් අන්තිම මොහොතේ අල්ල ගන්න පුළුවන් වුණා වගේ කටහඬක්.... ආයෙ තරහ වෙන්න එපාලු.... එයාට මං නැතිනම් වෙන කවුරුවත් නෑ ලු...
මම තරහා නෑ ඔයා එක්ක සුදු මහත්තයා... මගේ වැරැද්ද.... මට සමාවෙන්න.... අනේ..
මම කිව්වා... කිව්වට විශ්වාස කරන්න... මම කියනවා කියලා හිතන්නත් කලින් ඒ වචන මගේ කටෙන් එලියට පැන්නා..
මට උඹව හම්බ වෙන්න ඕන... මම එන්නද...?
ගෙදර ගොඩක් කට්ටිය ඉන්නවා සුදු මහත්තයා....
හ්ම්ම්...
බීප්.. බීප්.
ෆෝන් එක කට් කරලා... මම හැදුවෙ කතා කරන්න... කොහෙද.... සුදු මහත්තයා ට ඕන දේ නොවෙන පැත්තට හැරීගෙන එනකොට ම ඒක මගහරින්න එයා උත්සාහ කරනවා...
ඒත් මාව හම්බ වෙන්න ඕන කියල කියපු තාලෙට මට එයාට මොකවත් කියන්නත් බෑ... එයා ගාව කවුරුත් නෑ... මගෙ වටේ ගොඩක් කට්ටිය ඉන්නවා... මගෙ සුදු මහත්තයා ගැන හිතලාමයි මම එයාට එන්න එපා කියන්නේ...
මම නම් ගමට ම ඇට්ටරයා... ඒත් මගෙ සුදු මහත්තයා... මගෙ සුදු මහත්තයා මේ ගමේ මිනිස්සුන්ට දෙයියෙක් වගේ.. ඒත් ඉතින් සබරගමුවෙ දිව දෙකේ මිනිස්සුන්ට දෙවියන්ව වුණත් පාදඩයෙක් කරන්න යන්නෙ තත්පර කීපයක් විතරයි... මම මේ සබරගමුවෙ මිනිස්සුන්ට අපහස කරනවා නෙවෙයි... ඒත් ඉතින් ඒකනෙ ඇත්ත...
මගෙ අහිංසකයගෙ නමට කොලුකාරයා කියලා කිය කිය ඒ අහිංසකයව තවත් මානසිකව වට්ටන්න ඔය එක වට්ටි අම්මෙක් ට මගෙ කොල්ලව දකින්න හම්බ වුණොත් ඇති... පුදුම තරම් රව්ටර් මේ ගමේ ඉන්නෙ..... අනුන්ගෙ රෙද්ද අස්සෙ තියන දේ මොකක්ද කියලත් ඇඟිල්ලෙන් ඇනලා හරි බලයි පුළුවන් නම්...
ගමටම පිංවන්ත මහත්තයෙක් වුණ මගේ අහිංසකයා ට එයාගෙ නම්බුව එක දවසකින් නැති වෙනවා නම් මං නිසා... ඒ අවදානම ගන්න එක මම එකෙන්ම රිජෙක්ට් කරනවා...
DU LIEST GERADE
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Sachbücherමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...