💐 දෙවන මේඝය 💐

74 9 3
                                    

Samudra pov

" අම්මට සිරිගජ... කවුද බලපංකො අැවිත් තියෙන්නෙ....හෙන්දිරික්කා මලක් කනේ ගැහුවෙ අපේ එකා වෙන්න අැති..."

ඔය ඉතින්...ඔය... හරිම සන්තෝසයි.... ඔක්කොම මගේ නරකටම තමයි...

අජන්තටත් බෑ තමන්ගෙ එකාව ඩිංගක් හොඳයි කියන්න... මාලටත් ගානක් නෑ... අච්චර දුර ඉදන් මේ පොඩි එකා ගෙදර අාවා... අඩුම ගානෙ අඩු සීනි කහට කෝප්පයක් වත් වක්කරලා දෙන්න වගක් නෑ....

ඉතින් හරියයිද මේ වගේ ගෙවල් වලට? හරියයිද අජන්තලා වගේ තාත්තලට... නෑ...නෑ... එත් මොනවා නැතත් මල්සරාවත් මං ගැන හොයලා බලයි... මොකා නැතත් මල්සරා මගෙ එක කුස උපන් සහෝදරයනෙ...

" බං වොෂ් එකක් දාගන්නෙ කොහෙන්ද ? "

මහන්සිය බේරෙන මූණකින් මගෙ දිහා බලපු පිනිඳු අහනකොට මම හතර රියන් වගේ හතරහට අැදඋඩ දිග අැරගෙන හිටපු මගෙ අතපය හතර අකුල්ලගෙන අැඳේ වාඩිවුනා...

" සාලුවයි , සබන් පෙට්ටියයි අරගෙන වරෙන්... මම ලණුව දාපු බාල්දිය අරගෙන එන්නම්..."

මම අතපයේ හිරි අැරලා හෙමින් සීරුවෙ එලියට අැවිදගෙන අාවා... මම දැක්කා අැඟ හෝදන්න යන්න කලින් පිනිදුවා උගේ කනේ ගහලා තිබ්බ හෙන්දිරික්කා මල පරිස්සමට මේසෙ උඩින් තිබුණ හැටි...

හත්තිලව්වයි....

අජන්ත අපේ කාමරේම පේන තැන සෝෆා එකේ වාඩිවෙලා ටීවී බලනවා.. සියත TV එකේ ටෙලිවිෂන් ටෙලිවැකිය අැහුවෙ නැත්තම් නින්ද යන්නෙ නෑ වගේ. හයට බැරිනම් දහයට හරි එක බලන්න අජන්ත මාලා එක්ක වලිකන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා.

හෙමින් හෙමින් එලියට මාරු වෙන්න ඔ්නි... බැරිවෙලාවත් අජන්ත මාව මොකක් හරි වැරැද්දකට අල්ලගත්තොත් එහෙම , කියන්න බෑ... අපේ අජන්තට පත්තු වෙන්නෙ හිටි හිටි ගමන්නෙ...

" අා...
අැට්ටරයා..."

ඔය... මම කිව්වෙ... මේක හරියන වැඩක් නෙවෙයි. දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එක පැත්තක දාලා මම සාස්තරකාරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. කොහොමද මහා ජෝතිශ්‍යවේදී සමුද්‍ර හසරැල් සෙනවිරත්න මහතාගේ විශේෂ ජෝතිශ්‍ය පිළිබඳ වැඩසටහනක් දැන් බලාපොරොත්තු වෙන්න කියලා TV එකේ දැම්මොත් එහෙම..

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Donde viven las historias. Descúbrelo ahora