මොකක්ද අප්පා... වලියෙ හොඳම හරිය යනකොට අපිව එක්කගෙන ආවෙ...
අර චූටි මැණිකෙ යි වළව්වෙ මහ අම්මණ්ඩියි දෙන්නා ට මොකක්ද හරියටම වුණේ කියලා වත් බලාගන්න වුණේ නැහැ නේ...මම අජන්තට කණු කුණු ගානකොට, අජන්ත මගෙ දිහාට හැරුණා.
උඹට ඇත්තටම ඕන මම හම්බ කරන තැන වෙන වලි ඇස්, කන්, කට සේරම ඇරගෙන අහගෙන ඉන්නද කියපන්....
... නෑ ඉතින්....
එහෙම එකක් නෙවෙයි මං කිව්වේ. ඒ වුණාට මේඝ අයියගෙ පැත්තට ඔය හාමු කාරයා කතා කළාමයි.
මට සාදාරණ සැකයක් තියෙනවා ඕක පිටිපස්සෙ මොකක් හරි කූට උපක්රමයක් තියෙනවද කියලා...දැන් උඹට මොකද... මේඝ හාමු ගැන උඹට ඔය තරමට ම තියෙන කැක්කුම මොකක්ද..?
වෙන මොන කැක්කුමක්ද අජන්ත... මම මේ කියන්නෙ... මට ඉගෙන ගන්න උදව් කරන මනුස්සයගෙ ප්රස්නෙ නෙ. ඩිංගිත්තක් ඔලුව දැම්මට බෙල්ල කැපිලා යන්නෑනෙ....
උඹ දන්නැති වුණාට ඒකත් වෙන්න පුළුවන් ඇට්ටරයො.. කොහෙද ඉතින්...
උඹ හිතන් ඉන්නෙ උඹ තමයි මේ ලෝකෙ ඉන්න එකම කෙරුමා කියලනෙ.. ඒ වුණාට වැඩක් නෑ..
උඹට වඩා කෙරුමො මේ ලෝකෙ ඉන්නවා.
ඔය විනායග ලොකු හාමු ඉන්නෙ.. මම පොඩි කාලෙ ඉඳන් ම එයාව දන්නවා..
යාලුවෙක් විදිහට නම් නෙවෙයි...
අපේ අප්පච්චි තමයි විනායග හාමු චූටි කාලෙ ඉඳන් ම වලව්වෙ කාර් එක එළෙව්වෙ...අම්මට සිරි අජන්ත... බලාගෙන යනකොට පරම්පරාවෙන් ම කරලා තියෙන්නෙ ඩ්රයිවින් ජොබ් එක නෙහ්..?
සීයගෙත් සීයා ගොං කරත්තයක් පැද්දා කිව්වොත් නම් මම පුදුම වෙන්නෙ නෑ...මම හිනා වෙලාම අජන්තට උත්තර බඳිනකොට අජන්ත කියන්න හිටපු කතාවට අකුල් හෙලපු මං දිහා හරි ආදරෙන් බැලුව පාර මගෙ කට එහෙමම වැහුණා...
මේකනෙ.. වැඩිහිටියන්ට, මව්පියන්ට ගරු කිරීම..
මම ඕවා පුංචිම පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන ආවෙ..
වැඩේ කියන්නෙ අපේ පැතුමාටත් ඕවා මම තමයි ඉගැන්නුවෙ.
පැතුමා දහම් ගුරු කෙනෙක් වෙන්නත් මගෙන් තමයි ටියුෂන් ගත්තෙ.. හිහි...
මං මාර ආඩම්බරයක් මේ රටට ජාතියට..
කවුරුවත් මගෙ වටිනකම ගනන් ගන්නෙ නැතිව හිටියට..
CZYTASZ
🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )
Literatura Faktuමේඝ.... උඹ හරි මේඝ... උඹ තනිකරම අාකාසෙට බරවුන එක වැහිවලාකුලක්... උඹ දන්නවද මේඝ... හැමදේ ම ඉවසගෙන දරාගෙන හිටපු උබෙ නිහඬකම මටවත් ඉවසන්න බැරි වුණා මේඝ... මං උබේ තැන උබ වෙනුවට හිටියා නම් මගෙ පපු කැවුත්ත හත් කඩකට පැළිලා මේඝ දන්නවද.....? අරලිය මල් දක...