💐තිස් හත්වන මේඝය💐

13 4 0
                                    

BHANU POV

අනේ අම්මපා මේ ළමයින්ට නම්.. පිසිකල් සයන්ස් මේ තරම් අමාරුද... හරිම සරල කන්සෙප්ට් එකක් වටේට සමීකරණ කීපයක් තියෙන සරලම අවස්ථාවක වත් ගාණක් හදාගන්න බැරි මට්ටමේ නෙ ඉන්නෙ...
මුන් වගේ උන් ට සප්‍රයිස් ටෙස්ට් තියනවට මට මඩු වලිගෙන් ගහන්න වටින්නෙ.
පන්තියටම ඒ තියෙන්නෙ දෙන්නටයි. එක්කෙනෙක් අභිමන්‍යු... අනිත් කෙනා තේජාන්...
අභිමන්‍යු ගැන නම් මම මොකවත් දන්නෙ නැති වුණත් මට කියන්න පුලුවන් තේජාන් ට නම් ස්කිල් එක ඇවිත් ඇත්තෙ පරම්පරාවෙන්.
අම්මා ත් දොස්තර, තාත්තත් දොස්තර, අයියත් දොස්තර..
ඉතින් මල්ලිත් දොස්තර...

ආ... තව ඉන්නවා වීරයො දෙන්නෙක් ම. අයියට යි මටයි මුන් දෙන්නා නිසා බෙල්ලෙ වැල දා ගන්න තමයි වෙන්නෙ. මොනා වුණත් හරක් කියලා ඉතින් මස් කඩේට දෙන්න යෑ...
මගෙ බට්ටට පෙපරේට පනස් දෙකයි.. තව ලකුණු තුනක් ගත්තා නම් සී එකක් නෙ.
මම පොඩ්ඩක් සැර වුණහම කියනවා කමක් නෑ අයියේ එස් ප්ලස් එකක් තියෙනවනෙ කියලා.
හැබැයි සමුද්‍රට නම් හැට පහක් ම තියෙනවා. ස්ට්‍රේට් බී එකක්...
අයියට සතුටු හිතෙයි. මේකා මේ විදිහට හරි වැඩ කරන එක ගැන. උට නැත්තම් ඉතින් කිරිපණු ගාය වගේනෙ ඉන්නෙ.

ආයෙ ඉතින් මගෙ සුදු චූටියි සමුද්‍රයි එකට සෙට් වුණා කියන්නෙ ඉඳිකටුවයි නූලයි වගේ.
කොතනකට හරි වෙලා මොකක් ම හරි ඕපයක් ගැන කියව කියව ඉන්නවට වඩා නම් දෙන්නට වැඩ නෑ..
අත වැඩ කරනවාට වඩා වැඩියෙන් කට වැඩ කරනවා. ලොකු කම් කියවිල්ලෙන් නම් දෙන්නට ම අංක එක හම්බවෙයි.

අනන්තවත් මටත් ඇහිලා තියෙනවා සමුද්‍රගෙන් ඉගෙනගත්ත සිරිමත් ටත් හොඳ පුරුදු කියලා දුන්නෙ තමන් කියන කතාව කිය කියා ඉන්නවා මගෙ සුදු චූටි.
අද එයාට නිවාඩු.
ඉතින් මම මේ උදෙන් ම කෝපි එකත් වක් කරගෙන ක්වාටස් එකේ මගේ රූම් එකේ ස්ටඩී ටේබල් එක ගාවට ආවේ සප්‍රයිස් ටෙස්ට් එකේ ළකුණු දාන්න.

එතකොටයි මට මතක් වුණේ මුන්ගෙ කෙරුවාව. අයියට මම තාම කිව්වෙ නෑ එයාගේ ඇට්ටරයට දෙයියනේ කියලා පිසිකල් සයන්ස් වලට බී එකක් තියෙනවා කියලා.
අයියට නම් සමුද්‍ර පාස් වුණත් ඇති. මටනම් එහෙම මදි..
පාස් වෙනවනම් ඉහලින් ම පාස් වෙන්න ඕන. නැත්තම් ඒකෙන් ඇති වැඩක් නෑ.

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Where stories live. Discover now