💐නවවන මේඝය💐

29 9 1
                                    

ලොකු හාමු බලලා එන්න

හෑහ්...?

ඒ කියන්නේ මාව පිස්සු වාට්ටුව ට එක්කන් යන්නෙ නෑ? අනේ මට යන්න ඕන... මට ලොකු ආසාවක් තිබ්බා පිස්සු වාට්ටුවේ සුදු බෙඩ් ශීට් එකක් දාපු ඇඳක් උඩ වාඩි වෙලා, ලස්සන දොස්තර අක්කා කෙනෙක් ගෙ අතින් අල්ලගෙන, මේ දවස් වල හරිම ෆේමස් සින්දුව කියන්න.

ඇහි දාආආආආර පවා
ඔබ සෙව්ව්ව්ව නිසා....

කියලා. ඒත් මගේ බලාපොරොත්තුව සුන් වෙලා ගියා. ඒක වෙන එකක් නෙවෙයි.... යමක් කියපන් සමුද්‍ර... උඹ ව මානසික රෝහලේ නවත්තන්න නෙවෙයි නම් යන්නෙ, උඹ දැනගන්න ඕන... උඹවත් එක්කගෙන ඉස්පිරිතාලෙට ගිහින් මොකක්ද මේ අජන්තයා නටන්න ලෑස්ති වෙන ගජගා වන්නම කියලා...

ඒත් අජන්ත... මට ඔය හාමු ලා එක්ක ඔයාට වගේ කිසි ගනුදෙනුවක් නෑ නෙ....

මම ගත් කටටම කියලා දැම්මා ඔන්න... මම මොකටද ඔය හාමුලට පන්දම් අල්ලන්න යන්නේ....! අජන්ත වලව්වට වැඩ කලාට මම එහෙම නෑ නේ...
මේඝ හාමුට වගේ නම් එක පන්දමට දහයක් දොළහක් වුණත් අල්ලන්න පුළුවන්. ඒත් ඉතින් ඔය ලොකු ලොකු අතු එක්ක ගනුදෙනු තියාගන්න මං කැමති නෑනේ.... අන්තිමට වෙන්නේ ලොකු ලොකු අතු අල්ලන්න ගිහිල්ලා අල්ලපු අත්තත් නැති වෙලා පය ගහපු අත්තත් නැති වෙලා යන එක........ මම නිකම් සරල ජීවිතයක් ගෙවන්න කැමති සංකීර්ණ මනුස්සයෙක්.

ලොකු හාමු ව අයියයි මායි බලන්නම්. උඹ මේඝ හාමු ට යි එයාගෙ මල්ලිටයි කෑම පාර්සල් දෙක දීලා තැන්ක් යූ කියපන්. ගොබ්බයෙක් වගේ හැසිරෙන්නෙ නැතිව වැදගත් විදියට කතා කරපන්. ඒ දෙන්නා උඹලා අපි වගේ නෙවෙයි. හොඳ වැදගත්, හැදිච්ච මහත්තුරු. තේරුණාද....? වැදගත් ම දේ.... මගේ නම්බුව කන්න එපා.




යැයි යැයි තමයි. අජන්ත ඔයා ඔය නොකියා කියන්නේ මම ගොබ්බයෙක් ය.... නොවැදගත් තාලෙට හැසිරෙනවා ය.... ඒ වගේම විශේෂයෙන් ම...... මම නැහැදිච්ච එකෙක් ය කියලා නෙ. කමක් නෑ අජන්ත... කමක් නෑ... ඔයාගෙ පොඩි එකා සුරදූතිකාවක් වගේ කෙල්ලෙක් හොයාගෙන, ලස්සන පවුලක් කනවා ඔයාට හික් ගෑවෙන්න... අන්න එදාට තමයි ඔයාට තේරෙන්නේ... මේ අහිංසකයට කරපු අවලාද, අපහාස වලට.. ඔයාට තේරෙන්නෙ එතකොට තමයි.....

🌹 මේඝ 🌹 JIKOOK NONFICTION ( COMPLETED ✅ )Onde histórias criam vida. Descubra agora