සරෝජා

157 26 158
                                    

හෙවනක් නැති එක පෝලිමට තියෙන තල් ගස් යාය එදා වගේම අදත් සාම්පූර් වල තියෙනව.හැබැයි පොඩි වෙනසකට තියෙන්නෙ ඒ සමහර තල්ගස්වල කරටි නැති එකයි කලින් වගේ සාම්පූර් දේවාලෙ සද්දෙ මුළු සාම්පූර්වලම ඇහුනෙ නැති එකයි තමයි... කාලෙකට කලින් මිනිස්සු තමන්ගෙ පවුල්වල අය එක්ක හරි සතුටෙන් හිටපු මේ සාම්පූර් අද වෙද්දි තනිකරම පාළු සොහොන් පිට්ටනියක් වෙලා.....


පාර දෙපැත්තෙ ගෙවල් කියන්න අමාරු ගෙවල් ඕනෙතරං... මං එහෙම කියන්නෙ මෙච්චර වෙලා මං දැකපු එක ගෙයක්වත් ගෙයක් කියන්න බැරි ගාණට නටඹුන්වෙලා තිබ්බ හින්ද... දකින දකින ගෙවල්වල දකින්න පුළුවන් දේකට ඉතුරුවෙලා තිබ්බෙ ආටිලරි ගන් ෂොට් වැදිල මීවද වගේ හිල් හැදුන පදාස පිටින් ගලවල ගිය පරණ බිත්ති... වහලයක් කියල දෙයක් තිබ්බ ගෙයක් හොයනව කියන එක හරියට පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනව වගේ අමාරුයි....


නටඹුන් වෙච්ච ගෙවල් ඇතුලෙ සූරියමාර ගස් ගංසූරිය ගස් මහ රූස්සෙට වැවිල... බිමට කඩන් වැටුන බිත්ති පේන්නෙ නැති වෙන්නම ඊට උඩින් කැලෑව වැවිල.... ඉතින් හිතාගන්න පුළුවන් නේද මේ පැතිවල මිනිස්සුන්ට මේ ගෙවල් දොරවල් නැතිවෙලා කොච්චර කාලයක් ගෙවිල ගිහිල්ලද කියල.....කොහොමහරි පැය ගාණක ගමනකින් පස්සෙ මං වාහනෙ සාම්පූර්වලට අරගෙන ආවා....


"වලව්වෙ මහ ලොකු හාමුගෙ කබල් ගිනිබටේ.... රූස්ස කොට වගෙ වගෙ ගිනිබට මටත් දැන් තියේ.... පතුරන් වැල බෙල්ලෙ දාන් ඉන්නකොට මගේ... ලොකූ එක්ක පින්තූරෙට ලස්සනට තියේ... ලොකූ අපි ආවා.. නැගිටිනවා.."


"අහ් ආවද...? මට නින්ද ගියානෙ. කොහෙද අපි ඉන්නෙ දැන්..? "



"ඉන්නෙ සාම්පූර් මායිමේ...! ඔය තියෙන්නෙ ඉස්සරහින් ආටිලරි නොවැදී ඉතුරු උන බෝඩ් එක...."


සාම්පූර් කියල නම ගහපු කෑලි නැති කොන්ක්‍රීට් බෝඩ් එක දිහා බලාගෙන මං ලොකූට එහෙම කියද්දි ලොකූ ඇස් පොඩිකරල හොඳට වටපිටාව බැලුවා...


"ලොකූ මොකක්ද උඹ ඔය කරන්න හදන්නෙ...? "


"එළියට බහින්න බං... වෙන මොකක්ද..? "


උතුරු හුළඟ Where stories live. Discover now