ඉතින් සවස් යාමෙක ලියම් වගේම අහස්ටත් ඔවුන්ගෙ දෛවයේ ලියවිලා තියන සහකරුවන් ඒ විදියට හමුවුනේ දෛවයේ සරදමකටද එහෙමත් නැත්තම් හොදකටද කියන්න කවෘවත් දන්නෙ නැතුව ඇති. සමහර විට මේ හමුවීම් දෙක ඇතුලේ අතීත රහස් වලින් දශමයක් එලියට ඒවී. ඒක නියතයි. අමුනුස්ස පරාන දෙකක් මිනිස් පරාන දෙකක් අතර මේ සිද්ධවෙන්න යන හමුවීම තුල අතීතේ වුන සිදුවීම් කීපයක් එලියට නිරාවරණය වෙලා යාවි. ඉතින් ඒ රහස් නිසා මේ පැටලිලා තියන නූල් බෝලෙ එක් කොනක් අල්ල ගන්න ලියම්ලට හැකියාවක් තියනවා වෙන්න පුලුවන් . නමුත් ඒ ඇත්ත දැනගත්තට පස්සෙත් ලියම් මොලේ කල්පනා කරලා වැඩ කරේ නැත්තම් එයාට සිද්ධවෙන්නෙ ම ඒ පැටලිලා තියන නූල් බෝලෙ තවත් පටල ගන්න එක විතරයි . ඉතින් වෛරයෙන් වෛරය සංසිදවන්න බැරි විත්තිය ලියම් කවදා කොහොම දැනගනීද යන්න කාටවත් හිතාගන්න බැරි වෙලා යනකොට. ඉතින් නීල මදන හෙවත් කලු කුමාරයා ලියම්ගෙ හිතෙ මහසොන් යක්ශයා ගැන ඇති කරපු ඒ වෛරය නිසා ලියම්ට ඇත්ත සහ බොරුව අතර වෙනස තෝරා බේරා ගන්න හැකි උනොත් ජීවිත දෙකක් බේරගන්න පුලුවන් වේවි. හැබැයි එහෙම බැරි වුනොත් අසරණ ලියම්ට වෙන්නෙ ජීවිත කාලෙම පසුතැවීමකින් ජීවත් වෙන්න වෙනකොට හැමදාමත් මෝඩ තීරන ගත්තු ලියම් අද මේ සිද්ධ වෙන්න යන සිදුවීම් නම් කොහොම ගලප ගනීවිද.කතාවක් ඇතුලේ වීරයෙක් වගේම දුශ්ටයෙක් ඉන්න එක ඒ කතාවෙ නියතයක් වෙද්දි මේ කතාවට නැත්තෙම වීරයෙක් . මේ කතාවේ දි වීරයෙකුට ඉඩ නැහැ වෙනකොට මෙකෙ ඉන්නෙම දුශ්ටයෙක් . එකෙක් නෙවෙයි දුශ්ටයෝ දෙන්නෙක්ම ඉන්න මේ කතා ව ආරම්භයේ ම භයානකයි.. ඉතින් වෛරයෙන් පටන් ගත්තු මේ හමුවීම් අවසානෙ වෙනකොට කොහොම වෙයිද කියන දේ පදනම් වෙන්නෙ ලියම් අද දැනගන්න කරුනු හරියට සිහි බුද්ධියෙන් කල්පනා කරලා ඇත්ත හොයාගත්තොත් විතරයි.
ඉතින් කුස්සියේ දී තමන්ගේ මූනටම හම්බුන ඒ තැඹිලි පාට ඇස් තියන අමුනුස්සයෙක් ලග අහස් මෙ වෙද්දි හිරවෙලා උන්නා. අහස්ට පේන්නෙ ඒකගෙ ඇස් දෙක විතරක් වෙනකොට ඒකගෙ පෙනුමක් නම් පේන්න නැති වුනා. මොකද කලු කුමාර අවතාරෙ උන්නෙ අදුරු මුල්ලක වෙද්දි ඒ අමුනුස්සයා ව පෙනුනෙ ඡායාවක් වගෙයි.. ඒත් අහස්ට නෙවෙයි බයක් ඇති වුනේ. ඉතින් අමුනුස්සයෙක් දැක්කත් අහස් පුදුම නොවුනෙ ඇත්තටම මොන හේතුවක් නිසාද යන්න හිතා ගන්න බැරිවෙද්දි තාමත් අහස් බලාන උන්නෙ ඒ වෛරයෙන් පිරුනු ඇස් දිහා. ඇත්ත අහස් ගැස්සිලා වතුර වීදුරුව බිම වැටිලා කැඩිලා ගියේ එක පාරටම ඇස් දෙකට දැකපු ඒ ඇස් නිසාම ඇති වුන තිගැස්සම නිසාම විතරක් වෙනකොට අහස් නෙවෙයි බය වුනේ. ලියම් වගේ නොවුන අහස් එක එල්ලෙම බලන් උන්නෙ ඒ ඇස් දිහාමයි.. රූපයක් හරි හැටි පැහැදිලි නැති අදුරු ඡායාවක් වුන ඒ අමුනුස්ස රූපේ දිහා බලන් උන්න අහස්ට අමතක වුනා එයා මේ කලබලෙන් දුවන් ආවෙ ලියම්ට වතුර වීදුරුවක් ගේන්න එන ගමන් කියන එක වෙනකොට අසරණ ලියම් ට සිද්ද වුනේ මහසොන් අවතාරෙ එක්ක තනිවෙන්න..
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending