30

2.6K 258 85
                                    

"ද්... ද්.. දෙව්.. ව්.. වියන්න්නේ.. දෙවියන්න්..නේ.. මෙ.. මේ මම නේ... මම ක්.. ක්.. කොහොමද මෙත්තන්න.. ඉන්නෙ.."

ලියම් දැක්කෙ එයාවමයි.. එකම අච්චුවෙන් අරං වගේ පෙනුමක් තිබ්බුන ඒ රූපේ ලියම්ට සමාන උනා.. ලියම්ට තියන ඒ කහ ඇස් කොහෙන් උරුම උනාද කියලා නොදන්නවා උනත් දැං ලියම් ඉස්සරහා ඉන්න එයාගෙ අනික් රූපෙටත් කහ ඇස් උරුම වෙලා තිබුනා.. ඉතින් ඒකම මදි ද මේ තමං ඉස්සරහා ඉන්නෙ එයාමයි කියලා තේරුම් ගන්න. පෙනුම ඇස් එක වගේ උනාට එකම එක වෙනසක් ලියම් ඉස්සරහා උන්න රූපේ තියෙනකොට ලියම්ව ගැස්සිලා ගියා... තමන්ගෙම රූපේ කිසිම ඇද පලුද්දක් නැතුව එ විදියටම තිබ්බත් මොකද ලියම්ගෙ පෙනුම තියන ඒ ආගන්තුකයග වම් කම්මුලක උපන්ලප තුනක් ත්‍රිකෝනාකාරව පිහිටල තිබ්බා වගේම එහෙම සලකුනක් ලියම්ගෙ කම්මුලේ තිබුනෙ නැති එක ලොකු ප්‍රෙහෙලි කාවක් උනා..

කැපිලා පෙනුන ඒ තද කලු උපන්ල තුන ඒ මූන මතට අමුතු පෙනුමක් ගෙනත් තිබුනා වෙනකොට ලියම්ගෙ හිත මොහොතකට මේ උපන්ලප තුන ගැන මහා ගුප්ත හැගීමක් ඇතිකරා... ඒත් එහෙම හිතෙන්න හේතුවක් නම් ලියම්ට හිතාගන්න බැරිවෙද්දි තාමත් ලියම් බලාන උන්නෙ එයාගෙම රූපය තියන ඒ පුංචි දරුවා ලග වෙද්දි ඒ රූපය ලියම්ගෙ හිත සෑහෙනට රිද්දන්න පටන් ගෙන තිබ්බා. හරියටම හදවත තියුනු ආයුදයකින් හූරගෙන යන වේදනාවක් එක්කම ඉවසගන්න බැරි ඔලුව කැක්කුමක් එක පාරම ලියම් වෙලා ගනිද්දි ලියම්ට මේ කිසිම දෙයක් හිතාගන්න බැරිව යනවා.. ඇයි ඇයි මේ... මෙහෙම වෙන්නෙ ඇයි.. කියලා ඒ රිදුම් දෙන හදවත මොර ගැහුවත් ලියම්ට නෙවෙයි ආපිට උත්තර ලැබුනේ.. ලියම්ට ප්‍රශ්නෙදිත් ලැබුනෙ රිදුම ඒ වගේමයි පිලිතුරක් බලාපොරොත්තු උන මොහොතකත් එයාට උරුම වේදනාවමයි.. ඉතින් මොනවා කරන්නද මේ දේවල් බලාන ඉන්නවා ඇරෙන්න.. ඉතින් රිදුම් දෙන හදවතත් කකියන හිසෙන් එන රිදුම පරදවලා ආයෙ ආයෙමත් ඒ මවගෙත් පුතුගෙත් සංවාදෙ ඇහෙද්දි ලියම්ගෙ හදවතේ තිබුන එක ප්‍රශ්නෙකට පිලිතුරු ලැබුනා..

" උඹ ගෙයින් එලියට යනවා එහෙම නෙවෙයි.. තේරුනාද ලොකු පුතේ.. උබලට ගානක් නැති වුනාට නිධාන වෙනුවෙ තුන් කුලුදුල් බිලි දෙන්න ඕනි තරන් මේ ගමෙ මිනිස්සු ඉන්න බව මතක තියා ගත්තොත් හොදා"

මහසොන් අඩවිය Where stories live. Discover now