3. Attack

2.2K 425 11
                                    

Midnight pack

Third person POV

කිම් ෆැමිලි එකයි, රියුජින්, ජිමින් දෙන්නයි cafeteria එකට ගියේ දවල් කෑම කන්න. රියුජින්, ජීසු දෙන්නා අනිත් අයගෙ අනවශ්‍ය අවධානයට කැමති උනේ නැ. ඒ නිසා දෙන්නම මුලින් ගිහින් කෑම ඕඩර් කරලා කෙලවරේම තිබුනු මේසෙ ජනේලේ ගාවින් වාඩි උනා. ඊට මිනිත්තු කීපයකට පස්සෙ ජිමින්, ජින් වගේම ටේහ්‍යුන් cafeteria එකට ආවා. ටේහ්‍යුන් ඉක්මනට ගිහින් ගෑණු ළමයි දෙන්නා ගාවින් වාඩි උනා. ඒ අතරෙ ජින් ජිමින් එක්ක ඕඩර් කරපු කෑම අරගෙන ආවා.

කට්ටියම කෑම කන අතරේ ජිමින්ට අප්පගෙන් කෝල් එකක් ආවා.

රියුජින් : "අප්පා ඇයි ඔයාට කෝල් කරන්නෙ?"

ජිමින් : "දන්නෙ නැ. පොඩ්ඩක් ඉන්න බලන්න." ජිමින් කෝල් එක answer කලා.

"හෙලෝ අප්පා! හැමදේම හොඳින්ද?" කතා කරන අතරේ ජිමින්ගෙ ඇස් ක්ෂණිකයෙන් කහ පාටට හැරී නැවතත් යථා තත්ත්වයට පත් උනා. ජින් ජීසු දෙන්නා මූනට මූන බලාගත්තෙ ජිමින් ගේ ඒ වෙනස් වීම දැකලා.

"හරි අප්පා!" ජිමින්ගෙ කටහඬේ වෙනසක් තේරුන නිසා ටේහ්‍යුන් ටිකක් බයෙන් වගේ ජිමින් දිහා බැලුවා.

ජින් : "ජිමින්, මොකද උනේ?"

ජිමින් : "හියුන්, අපිට attack එකක්.. කවුරු හරි අපිට පහර දීලා."

"මොකක් !" තුන් දෙනාම බයෙන් කෑගැහුවත් ටේහ්‍යුන් නිශ්ශබ්දයි. ඒකට හේතුව එයා ඉදියෙ කම්පනයට පත් වෙලා. එයා දැනටමත් හිතින් කඩාගෙන වැටෙමින් ඉදියත් ඒකට දිනන්න ඉඩ නොදී ශක්තිමත් වෙන්න උපරිම උත්සහයක යෙදුනා.

ජිමින් : "හදිසි ප්‍රහාරයක් නිසා අපේ පැක් එකෙන් භාගයක් විතර දැනටමත් මැරිලා. පැක් එකට ගොඩක් හානි වෙලා. පැක් එකේ ඔක්කොම ගෙවල් විනාස කරලා. අපේ ගෙදරත් එක්කම.."

රියුජින්ගෙ ඇස් වල ක‍ඳුලු පිරුනා. "එතකොට ඔම්මා කොහෙද?"

ජිමින් : "එයා හොඳින්, එයාලා පොලොව යට තියෙන රහස් ගෙදර ඉන්නෙ. අප්පා කිව්වා අපි එතන ඉන්නව නම් හොඳයි කියලා. එතන ආරක්ෂිතයිනෙ."

"ටේ බබා, it's okay." මුළු ඇඟම බයෙන් වෙව්ලන ටේහ්‍යුන්ව සනසන්න ජීසු උත්සාහ කලා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now