ජන්ග්කුක් ගැඹුරු කල්පනාවේ ඉන්න කොට එයාගෙ අප්පා එයාට මනසින් සම්බන්ධ වුනා.
"පුතා, ටේහ්යුන් තාම නිදිද? ඔයාට මාව ඔෆිස් එකේදි හම්බවෙන්න පුලුවන්ද?"
"ඇයි අප්පා?"
"මාව මෙහෙදි හම්බවෙන්නකො."
"පොඩ්ඩක් ඉන්න මං එන්නම්."
ජන්ග්කුක් ඊටපස්සෙ හිමින් නැගිටලා එයාගෙ සුවඳින් පිරිලා තියෙන එයාගෙ කොට්ටේ මේට්ට ගුලි වෙන්න එයා ගාවින් තිබ්බා. එයා ළඟ නැති වෙලාවෙ ටේහ්යුන් ඇහැරුනොත් කියලා ජන්ග්කුක් පෑනකුයි කොළේකුයි අරගෙන පුංචි ලිවුමක් ලිව්වා.
ඒ ලියුම මේසෙ උඩින් තිබ්බ ජන්ග්කුක් ඊටපස්සෙ එයාගෙ අප්පගෙ ඔෆිස් එකට යන්න පිටත් වුනා. කාමරේට ඇතුලු වෙන්න කලින් තට්ටු කරපු ජන්ග්කුක් ඊටපස්සෙ දැක්කා කැරකෙන පුටුවේ කනස්සල්ලෙන් වාඩි වෙලා ඉන්න එයාගෙ අප්පව.
"අප්පා, මොකද්ද ප්රශ්නේ?" තාත්තගෙ ඉස්සරහින් වාඩි වෙන්න කලින් ජන්ග්කුක් ඇහුවා.
"පුතා, මුලින්ම ආයිත් congratulations." එයාගෙ පුතාගෙ උරිස්සට තට්ටු කරන්න නැඹුරු වුනු ජොන්ග් සුක් කිව්වා. ප්රශ්නය මොකද්ද කියලා කල්පනා කරමින් හිටපු තරුණ ඇල්ෆා හිනා වුනා විතරයි.
"මට ඔයාගෙ මූඩ් එක විනාශ කරන්න ඕන වුනේ නෑ. කොහොම උනත් ඔයා දන්නවනේ කවුරුහරි ටේහ්යුන්ගෙ පස්සෙන් වැටිලා ඉන්නෙ කියලා නේද?" ජොන්ග් සුක් කිව්වා. ජන්ග්කුක් හිස වැනුවා විතරයි.
"ඒකා කවුද කියලා අපි පුළුවන් ඉක්මනට හොයාගන්න ඕන. ඔයාගෙ මේට්ව අනතුරේ දාන්න අපිට ඕන නෑ විශේෂයෙන් මේ වෙලාවෙ එයාට පැටව් ලැබෙන්න ඉන්නකොට." ජොන්ග් සුක් කිව්වම ජන්ග්කුක්ට ඒක තදින්ම වැදුනා.
ඔව් අනිවාර්යයෙන්ම එයාගෙ අප්පා හරි. එයාට ඒක කොහොම අමතක කරන්නද?
"Fuck!" ඒ වගේ වැදගත් කරුණක් අමතක වීම ගැන තමන් ගැනම කලකිරීමක් ඇති වුනු ජන්ග්කුක් තමන්ටම ශාප කරගත්තා.
"අපි ඊළඟට මොකද්ද කරන්න ඕනෙ?" දැන් තත්ත්වය තේරුම් ගත්ත ජන්ග්කුක් එයාගෙ අප්පගෙන් ඇහුවා. තවදුරටත් ඒක ටේහ්යුන් වෙනුවෙන් විතරක් නෙමෙයි එයාගෙ ළමයින්ගෙ ආරක්ෂාව වෙනුවෙන්ද වුනා.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...