Jin's side story 💗
දහවල් විවේකය සඳහා සීනුව නාද වනවා ඇසුනු ජින් ඉක්මනින් හෝල් එකෙන් පිට වෙලා එයාගෙ මේට්ව වගේම යාළුවොන්ව හම්බවෙන්න cafeteria එකට ගියා. මුලින්ම cafeteria එකට ආවේ ජන්ග්කුක්, නම්ජින් තුන්දෙනා. මොකද ජන්ග්කුක්ටයි ජින්ටයි දැනටමත් බඩගිනි වෙලා තිබුනා.
ඒ තුන්දෙනා කෑම ඕඩර් කරලා අනිත් අය එනකන් බලන් හිටියා. මේ අතරේ ආයිත් ගැස්සුනු ජන්ග්කුක් එයාගෙ පපුව අල්ලගත්තා.
"ඒයි මේ පාර මොකෝ?" නම්ජුන් ඇහුවා. ජින් මුකුත් කිව්වෙ නෑ. හැබැයි එයා බලාපොරොත්තු වුනා ටේහ්යුන් හොඳින් ඇති කියලා.
"මං දන්නෙ නෑ. මේක නම් ඇත්තටම අමුතුයි. මට නිකන් පපුවෙන් වේදනාවක් දැනුනා. කම්පනයක්? බයක්? මං ඒක තාම දන්නෙ නෑ. ඒත් අද දැනුන හැඟීම වෙනදට වඩා වැඩී." ජන්ග්කුක් කිව්වම ජින් කලබල වුනා. එයා කලේ ටේහ්යුන් හොඳ තත්ත්වයෙන් ඉන්න කියලා යාඥා කරපු එක විතරයි.
කලින් කට්ටියම උදේ කෑම ගන්න අතරතුර, දවස් කීපයක්ම ඇති වුනු හදිසි හැඟීම් ගැන ජන්ග්කුක් හැමෝටම කිව්ව වෙලේ ජින්ට හිතුනා සමහරවිට ජන්ග්කුක් ටේහ්යුන්ගේ මේට් වෙන්න ඇති කියලා. Movie night එකේදි දෙන්නගෙම බෙල්ලේ හඳ සලකුණ දිලිසුනු එක කොහොම වුනත්, ජින්ට වගේම ජන්ග්කුක්ටත් මේ හැඟීම් දැනෙන්න පටන් ගත්තේ ටේහ්යුන්ව කනස්සල්ලට පත් කරපු නිල් පාට තෑගි ලැබුනු දා ඉඳන්.
ටේහ්යුන්ගේ සුවඳ ජන්ග්කුක්ට නොදැනෙන්නේ එයාගෙ ඔම්මා ටේහ්යුන්ට දීපු මුද්ද නිසා කියලා එයාට තේරුනා.
විනාඩි කීපයක් අතරතුර ටේහ්යුන් එයාට මනසින් සම්බන්ධ වුනු නිසා ජින් ක්ෂණිකව ගැස්සුනා. එයාට ටේහ්යුන්ගේ බයෙන් වෙව්ලන කටහඬ ඇහුනා. ජින් කලබල වුනත් නම්ජුන්ට වගේම ජන්ග්කුක්ට ඒක නොපෙන්වා හිටියේ කාවවත් එයත් එක්ක එක්කගෙන එන්න එපා කියලා ටේහ්යුන් කිව්ව නිසා. ජින් ඒක හන්ගන්න උත්සාහ කලත් නම්ජුන්ට එයාගේ මේට්ගේ සුවඳ දැනෙන නිසා ජින්ගේ සුවඳේ වෙනස් වීමක් එයාට දැනුනා.
"බබා මොකද උනේ?" නම්ජුන් ඉකමනින් එයාගේ මේට් වෙනුවෙන් සන්සුන් සුවඳ පිට කලා. ජින් ඉකමනින් නම්ජුන්ගේ බෙල්ලේ මූන හන්ග ගත්තේ ටික වෙලාවකට සන්සුන් වෙන්න.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...