පැය බාගයක් ගෙවිලා ගිහාම ආපහු මන්දිරයට යන්න හැමෝම තීරණය කලේ මොකද දරාගන්න බැරි තරමට පරිසරයේ උනුසුම වැඩි වෙමින් තිබුන නිසා. කට්ටියම මන්දිරයට ඇවිදන් යනකොට හදිසියේම ටේහ්යුන්ට කරකැවිල්ලක් දැනුනා.
"මොකද උනේ?" ඇහුව ජන්ග්කුක් ටේහ්යුන්ව අල්ලගත්තා.
"මට නික-" ටේහ්යුන් කියන එක නැවතුනේ එයා සිහිය නැතුව ජන්ග්කුක්ගේ අත් මතට වැටුන නිසා.
"අපොයි දෙයියනේ!!" ජින් වගේම ජීසු ඉක්මනින් එයාලගෙ මල්ලි ගාවට දුවන් ගියා.
ජන්ග්කුක් ඉක්මනින් ටේහ්යුන්ව වඩා ගෙන ක්ලිනික් එකට දිව්වේ එයාව පරික්ෂා කරන්න. අනිත් යාළුවො එයාව පිටිපස්සෙන් අනුගමනය කලා.
"මොකද්ද එයාට උනේ? Oh my god!!" ජින් කිව්වා.
"Relax බබා. ඒ රස්නෙ නිසා වෙන්නැති." නම්ජුන් කිව්වා.
"Relax? මගෙ මල්ලිට එකපාරටම සිහි නැති උනාම ඔයා කොහොමද මට එහෙම කියන්නෙ?" දිගටම දුවමින් ජින් කිව්වා.
තවත් විනාඩි කීපයකට පස්සෙ අන්තිමේදි හැමෝම ක්ලිනික් එකට ළඟා වුනේ හති හලමින්, ජන්ග්කුක් ඉක්මනින් ටේහ්යුන්ව හොස්පිට්ල් බෙඩ් එකේ දිගා කරා.
"මොකද්ද එයාට උනේ?" ඇහුව අයිරින් ඉක්මනින් ටේහ්යුන්ගේ හෘද ස්පන්දනය පරික්ෂා කරා.
"එයාට කරකැවිල්ලක් හැදුනා. ඊටපස්සෙ එයාට සිහිය නැති උනා." ජන්ග්කුක් පිළිතුරු දුන්නා.
"කරකැවිල්ල හැරුනම එයාට තව මොනවහරි දැනිලා තියෙනවද?" ඇහුව අයිරින් දිගටම එයාගෙ රාජකාරිය කරමින් ටේහ්යුන්ගේ තත්ත්වය පරික්ෂා කලා. හිනා වුනු ජන්ග්කුක් අයිරින්ට පිළිතුරු දෙන්න පටන් ගත්තා.
"මෙහෙමයි එයා වම-"
"එයා වමනෙ දානවා ගොඩක් වෙලාවට, එයා ගොඩක් sensitive වෙලා, කලින් දවස් ටිකේම එයා ගොඩක් කෑවා, තව හැමතිස්සෙම නිදා ගන්නවා. ගිය සතියෙම එයා ගොඩක් අමුතුයි. ඔයාගෙ ප්රශ්නෙට ඒ ටික ඇතිද?" ජන්ග්කුක්ට බාදා කරපු ජින් හති අරින ගමන් අයිරින්ට පිළිතුරු දුන්නා.
ඇස් දෙක රෝල් කරපු ජන්ග්කුක්ගේ මූනෙ ඊට පස්සෙ ආයිත් හිනාවක් ඇදුනා. මේ අතරේ අයිරින්ගේ ඇස් ලොකු වුනා.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...