64. Twins

1.7K 297 69
                                    

ඊළඟ දවසේ උදේ වේලාසනින්ම ජන්ග්කුක් ඇහැරුනේ අනිත් ඇල්ෆලා එක්ක එයාට පුහුණු වීම් තිබුනු නිසා. එයා නාගන්න කියලා බාත්රූම් එකට යන්න හැදුවත් එයාට දැනුනා නිදාගෙන ඉන්න එයාගෙ මේට්ගේ සුවඳේ වෙනසක්. ඒක තාමත් ආකර්ෂණීය සුවඳක් උනත් එයාගෙ බබාලගෙ සුවඳ යන්තම්වත් එයාට දැනුනේ නෑ.

ජන්ග්කුක් කරපු ඊළඟ දෙයින් එයාගෙ බය තවත් වැඩි වුනා, එයා නිවුන්නුන්ගේ හෘද ස්පන්දනය විඳින්න උත්සාහ කලත් ඒක එයාට දැනුනේ නෑ.

ජන්ග්කුක් ඉක්මනින් එයාගේ ෆෝන් එක අරන් එයාගෙ පැටව්න්ව පරික්ෂා කරන්න බෝගම්ට හරි මින්ජේට හරි කෝල් කරා. ජන්ග්කුක් කේන්තියෙන් එයාගෙ කොණ්ඩෙ මිරික ගත්තා, ආපහු නිදා ගෙන ඉන්න මේට්ගෙන් ඉදිරියට මීටර් කිහීපයක් ඈතට ගමන් කරපු ජන්ග්කුක් කවුරුහරි එයාගෙ කෝල් එක answer කරනකන් බලන් හිටියා.

තවත් රින්ග්ස් කීපයකට පස්සෙ එක්කෙනෙක් ෆෝන් එක ආන්සර් කලා.

"හෙලෝ. OB department, මේ මින්-"

"මින්ජේ බෝගම් ඉන්නවද?"

"උහ්ම්ම්ම්. ජ-ජන්ග්කුක්? මේ ඔයාද ඇල්-"

"ඔව්! බෝගම් ඔහේ ඉන්නව නම් එයාට කියන්න පුලුවන්ද ටේහ්‍යුන්ව ඉක්මන්ට චෙක් කරන්න කියලා. එයා නැත්‍තන් ඔයා එන්න, ඕන කරන බඩු ටිකත් අරගෙනම එන්න. අපේ බබාලගෙ හාට් බීට් එක එන්න එන්න දුර්වල වෙනවා." ජන්ග්කුක් කනස්සල්ලෙන් කිව්වා.

"හරි මං ඉක්මන්ට එන්නම් ඇල්ෆා." පිළිතුරු දුන්න මින්ජේ කෝල් එක කට් කරලා පරීක්ෂණට ඕන කරන බඩු ටික ඉක්මනින් අරගත්තා.

මේ අතරේ ජන්ග්කුක් ආයිත් මේට්ගෙ එහා පැත්තට ගියා, ටේහ්‍යුන්ගේ උදරයට අත තියාගත්ත ජන්ග්කුක් එයාගෙ ළමයින්ට කතා කරන්න පටන් ගත්තා.

"කොහොමද මගෙ චූටි පැටව්න්ට හ්ම්ම්? ප්ලීස් පපයි ඩැඩයි වෙනුවෙන් ශක්‍තිමත් වෙන්න... ප්ලීස්. හැමෝම ඔය දෙන්නව හම්බවෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. ඩැඩා ඔය දෙන්නටම ඉන්න ලස්සන කාමරේකුත් හැදුවා. අනේ ඒ නිසා ප්ලීස් මගෙ චූටි පැටව් දෙන්නා ඔතනම ඉන්න ඕන හරිද." කිව්ව ජන්ග්කුක්ගේ අහිංසක ලොකු ඇස් වලින් කඳුලු කඩාගෙන වැටුනා. ටේහ්‍යුන්ගේ උදරයට හාදුවක් දුන්නු ජන්ග්කුක්ට කලන්ත ගතියක් දැනුනා, කෙනෙක්ට දැනෙන්නෙවත් නැති තරම් දුර්වල බවක් එයාට දැනුනා, ඒක true blood alpha කෙනෙක්ට දැනෙන හැඟීමක් නම් නෙමෙයි.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Wo Geschichten leben. Entdecke jetzt