"Marry me today." ජන්ග්කුක් කිව්ව දේට ටේහ්යුන්ගේ ඇස් ලොකු වුනා.
"ඔයා මොනවද කියවන්නෙ කුකී? මාත් ඒකට කැමති තමයි, ඒත් අපිට ඒකට ලෑස්ති කරන්න දේවල් ගොඩක් තියෙනවා නේද?" ටේහ්යුන් ඇහුවා. ජන්ග්කුක් හිනා වුනා විතරයි. ඊටපස්සෙ ජින් වගේම ජීසු ඇවිත් ටේහ්යුන්ව හිමින් එයාගෙ ඇල්ෆගෙන් ඈතට ඇදගෙන ගියා.
"මො-මොනවද ඔයාලා මේ කරන්නෙ?" ටේහ්යුන් ඇහුවම එයාගෙ නූනගෙනුයි හියුන්ගෙනුයි එයාට ලැබුනේ හිනාවක් විතරයි.
"See you later my love." ජන්ග්කුක් කිව්වා.
සියලුම සෙනඟ කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගොළු වෙලා පිට වෙලා යන අතරේ ටේහ්යුන්, ජන්ග්කුක් දෙන්නා ඒ දෙන්නගෙ පවුලෙ අයත් යාළුවොත් එක්ක මන්දිරයට පිටත් වුනා. ස්ථානයෙන් ජනතාවට පිටත් වෙන්න පුලුවන් වෙන්න කලින් එයාලා ඉස්සරහා තිබුනු සුදු පාට විශාල තිරයෙන් යම්දෙයක් මතුවුනු නිසා හැමෝම ආයිත් ප්රීති ඝෝෂා නගන්නත් අත්පොළසන් දෙන්නත් පටන් ගත්තා.
මේ අතරේ ටේහ්යුන් කෙඳිරිගාන්න ගත්තේ ජින් වගේම ජීසු එයාව කාමරයක් ඇතුලට ඇදගෙන ගිය නිසා.
"මොනවද ඔයාලා මේ කරන්නෙ? එළියෙ ඉන්න අයට හරියට සමුදෙන්නවත් අපිට බැරි උනා." ජින් එයාට විවිධ වර්ගයේ මේකප් බඩු හොඳට ස්ථානගත කර තිබූ කණ්නාඩි මේසය ඉදිරියේ තිබු පුටුවෙන් වාඩි වෙන්න දුන්නම ටේහ්යුන් කිව්වා.
"Seriously ඔයාට කියන්න පුලුවන්ද මොකද්ද මේ වෙන්නෙ කියලා? කොහෙද ජන්ග්කුක්? එතකොට අයිලයි ඇම්බ්රෝසුයි? කව්ද ඒ දෙන්නව බලාගන්නෙ?" ටේහ්යුන් කනස්සල්ලෙන් ඇහුවා.
"සන්සුන් වෙන්න බබෝ. අයිලයි ඇම්බ්රෝසුයි ඔම්මයි අප්පයි එක්ක ඉන්නවා." කිව්ව ජීසු ටේහ්යුන්ගේ මූනේ මේකප් තවරන්න පටන් ගත්තා.
"හේයි මේකප් ගොඩක් ගාන්න එපා මගෙ මූනෙ. ඇයි අපි මේවත් කරන්නෙ?" ටේහ්යුන් ඇහුවා.
"පොඩ්ඩක් බලන් ඉන්නකෝ.. හරිද?" කිව්ව ජින් ටේහ්යුන්ව සූදානම් කරවන්න පටන් ගත්තා.
මේ අතරේ ජන්ග්කුක් වෙනම කාමරයක් ඇතුලේ වාඩි වෙලා කකුල් දෙක වනමින් හිටියා. එයා එයාගෙ ශර්ට් එක සුදුපාට එකකට මාරු කරන් හිටියා වගේම කළු පාට කෝට් එක දාගන්න සේහුන් එයාට උදව් කලා.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...