33. Locket necklace

2.3K 367 60
                                    

හැමෝම blood moon pack මන්දිරයට ආපහු එනකොට රෑ 10 යි. ටේහ්‍යුන් ඇඳේ වැතිරුනේ මූනේ හිනාවක්ද සමඟින්.

විනාඩි කීපයක් ගෙවිලා ගිහාම එයාගෙ කාමරේට තට්ටු කරන සද්දයක් ඇහුනා.

"Come in." කිව්ව ටේහ්‍යුන් වාඩි වෙලා එයාගෙ හියුනුයි නූනයි එක්ක හිනා වුනා.

"ආහ්හ්හ් ඇති යන්තන්! ඔයාගෙ මේට්ගෙන් permission ගන්න ගොඩක් අමාරු උනා. අපිට ඕන වුනේ අපේ බබත් එක්ක එක රැයක් නිදාගන්න විතරයි. ඒත් එයා කෙ‍‍ඳිරි ගෑවෙ හරියට එයාගෙන් ඔයාව ඈත් කරලා අරන් යයි වගේ. ගෝෂ්!" කිව්ව ජින් ඇස් දෙක රෝල් කරාම අනිත් දෙන්නා හිනා වුනා.

ජින් වගේම ජීසු ඉක්මනින් ගිහින් ටේහ්‍යුන්වත් බදා ගෙන සුමුදු මෙට්ටෙට පැන්නා.

"මට මේක ඕන වුනා!" ජීසු කිව්වා.

"මටත්." ටේහ්‍යුන් පිළිතුරු දුන්නා.

සිවිලිමට මුහුනලා ඇදේ වැතිරුනු තුන්දෙනා කතා කරන්න පටන් ගත්තා.

"ඔය දෙන්නා අද මගෙ කාමරේ නිදා ගන්න යනවා කිව්වම නම්ජුන් හියුනුයි සේහුන් හියුනුයිත් බබෙක් වගේ කෙඳිරි ගෑවද?" ටේහ්‍යුන් ඇහුවා.

ජීසු : "සේහුන් එහෙම කලා. එයා මං ඉස්සරහ දණ ගැහුවම මං හිතුවා මට ප්‍රපෝස් කරනවද කියලා. ඒත් එයා මගෙන් ඉල්ලුවෙ අපේ කාමරේ නිදා ගන්න ඉන්න කියලා." ජීසු ඒ කිව්ව එකට අනිත් දෙන්නට හිනා ගියා.

ජීසු : "එතකොට නම්ජුන් හියුන්?"

ජින් : "එයා එහෙම කලේ නෑ. එයා හොඳට තේරුම් ගන්න මේට් කෙනෙක්. ඇත්තටම එයා කිව්වා අපේ රෑ enjoy කරන්න කියලත්." එයාගෙ මේට් ගැන හිතුන නිසා ජින්ගේ මූනෙ හිනාවක් ඇදුනා.

ජින් : "ඔයාගෙ birthday එකට ජන්ග්කුක් මොනවද කලේ?" මැද වැතිරිලා ඉන්න එයාගෙ මල්ලිගෙ පැත්තට ජින් හැරුනා. ජීසුත් ඒ දෙන්නා පැත්තට හැරුනා.

"මේක." ටේහ්‍යුන් එයාගෙ ඇඟිල්ලෙ තිබුනු දිලිසෙන හදවතක හැඩයේ රතු දියමන්ති මුද්ද පෙන්නන ගමන් කිව්වා.

කරන්ට් එක වැදුනා වගේ ඇඳේ වාඩි වුනු ජින් වගේම ජීසු හිටියේ කම්පනයෙන් පුදුම වෙලා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now