ජන්ග්කුක් වගේම ටේහ්‍යුන් කෑම කාමරයට අඩිය තිබ්බ මොහොතේ, ඔමේගා ඉක්මනින් එයාගෙ මේට්ගේ බෙල්ලෙ මූන හන්ග ගත්තා.
"මොකද්ද ප්‍රශ්නෙ මැණික?" ජන්ග්කුක් අහලා ජින්ගෙ එහා පැත්තෙ තිබුනු පුටුවෙන් වාඩි වුනා.
"මේ හැමෝම ගඳයි." ටේහ්‍යුන් කිව්ව දේට ජන්ග්කුක් හිනා වුනා.
"Excuse me? අපි නාලා මෙතන්ට ආවෙ." රියුජින් කිව්වා.
"ඒ උනාට තාම ඔයාලා ගඳයි." තාමත් ජන්ග්කුක්ගේ බෙල්ල අස්සෙ මූන හන්ගන් හිටපු ටේහ්‍යුන් තොලුත් උල් කරන් කිව්වා.
"ඔයා නම් මහ නපුරුයි!" කිව්ව රියුජින් ටේහ්‍යුන්ට රැව්වා.
"එයා එහෙම නෑ." ජන්ග්කුක් කිව්වෙ මුහුනෙ ඇදුනු හිනාවක්ද සමඟින්.
"කවුද ඔයාට අද රිද්දුවේ? ළඟකදි ඉඳන් ඇයි ඔයා ඔහොම හැසිරෙන්නෙ? ඔයාට ආයිත් හීට් එකද නැත්තන් වෙන මොකක් හරි දෙයක්ද?" රියුජින් කඩාපැන්නම සංවේදි ටේහ්‍යුන් අඬන්න පටන් ගත්තා.
"ම-ම කිව්වෙ ඇ-ඇත්ත වි-විතරයි. ඔ-ඔයාලා හැමෝම ග-ගඳයි. එ-ඒක නිසා ම-මට වමනෙ යන්න ව-වගේ එනවා. මගෙ ක්-කුකී විතරයි සු-සුවඳ." ඉකි ගහමින් ටේහ්‍යුන් කිව්වා. මේ අතරේ ජන්ග්කුක් එයාගෙ මේට්ව සනසමින් එයා වෙනුවෙන් සන්සුන් වෙන සුවඳ පිට කලා.
"ඔයා නම් drama queen කෙනෙක් ටේ." රියුජින් කිව්වා. ජන්ග්කුක් රියුජින් දිහා කෝපයෙන් රතු වුනු ඇස් වලින් බැලුවා.
"සන්සුන් වෙන්න. We're sorry okay?" කිව්ව හෝසොක් රියුජින්ව එයාගෙ එහා පැත්තට ඇදලා ළං කරගත්තා.
"කට්ටියම රණ්ඩු වෙන එක නවත්තනවද? එතකොට බබා ඔයා, ඔයාට මොකද උනේ? ඔයා කවදාවත් මේ විදිහට හැසිරිලා නෑ." කිව්ව ජින් එයාගෙ මල්ලි ඉස්සරහින් mustard එක්ක ඩම්ප්ලින් පිඟානක් තිබ්බා. ජන්ග්කුක් කලින්ම ජින්ට මනසින් සම්බන්ධ වෙලා ටේහ්‍යුන්ගේ කෑම හදන්න පුලුවන්ද කියලා අහලා තිබ්බා. එයා කිව්ව විදිහටම ජින් ඉක්මනින් කෑම ටික හැදුවා. මොකද කලින් වගේ නැතුව එයාගෙ මල්ලි උදේ කෑම ගන්නවා බලන්න ජින් කැමති වුනා, කලින් ඔමේගා හැමවෙලේම උදේ කෑම මඟහැරියා.
KAMU SEDANG MEMBACA
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Manusia Serigalaවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...