"මෙහෙ එනවා ඔතන හැන්ගෙන්නෙ නැතුව." කිව්ව ජින් හුස්ම පිට කලා.
"දැන් නම් එයා true blood alpha කෙනෙක් වගේ නෙමේ, නේද?" ජන්ග්කුක්වයි ජින්වයි අත ඇරලා අනිත් යාළුවො එක්ක මනසින් සම්බන්ධ වුනු යුන්ගි කිව්වා. හැමෝම තම තමන්ගේ උපරිමෙන් හිනා නොවී ඉන්න උත්සාහ කරන අතරේ ටේහ්යුන්ට නම් එයාගෙ හිනාව නවත්තගන්න බැරි වුනා.
"මේක හිනා වෙන්න විහිළුවක් නෙමේ love." ජන්ග්කුක් එහෙම කිව්වත් එයා එයාගෙ මේට් එක්ක අමනාප වුනේ නෑ.
"මං හිතන්නෙ එයා දැන් ඔමේගා කෙනෙක් වගේ." නම්ජුන් කිව්වා.
මුලින්ම පැකිළීමෙන් නැගිට්ට ජන්ග්කුක් ඊටපස්සේ ටේහ්යුන්ගේ අයියා ඉන්න තැනින් මීටර් කීපයක් ඈතින් ගිහින් හිටගත්තා.
"Good luck පුතා." කිව්ව ජොන්ග් සුක් ළමයි ටිකව ඉඩකඩ සහිත විසිත්ත කාමරේ දාලා එයාගෙ වයිෆ්, සෝජුන්, මින් යොන්ග් එක්ක කුස්සියට ගියේ කෑම හදන්න.
"මං ඔයාට ඊයෙ මෙහෙ එන්න කලින් දීපු එක කෝ?" ජින් සන්සුන්ව ඇහුවා. කොහොම වුනත් හැමෝම දන්නවා මේ පුපුරා යා හැකි සන්සුන්කම කොයි වෙලේ හරි පුපුරලා යනවා කියලා. ඒ වගේම ඒ පුපුරා යා හැකි දේ තමයි කිම් සොක්ජින්.
"හි-හියුන්.. එ-ඒක ගැළපුනේ න්-නෑ." ජන්ග්කුක් කිව්වේ ගොත ගහන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන ගමන්. විසිත්ත කාමරේ හිටපු නරඹන්නන් පිරිස නිහඬවම හිටියා, රතු වෙලා තිබුනු එයාලගෙ මුහුනු දිගටම හිනාව තද කරගෙන හිටියා.
"තමුන් එහෙම කියනවා, ඒත් තමුන් ඇත්තටම මෙතන ඒක දාලා ගිහින්?" උස් හඬින් කිව්ව ජින් අල්ලලාවත් නොතිබුනු කොන්ඩම් එක තිබුනු පොඩි බෑග් එක true blood alpha ට විසික් කලා. වාසනාවකට ජන්ග්කුක් පහරදීම් මගහරින්න දක්ශයි. ඉතින් ඒක එයාගෙ ඇඟේ වැදුනෙ නෑ, කෙස් ගහකවත් වැදුනෙ නෑ.
"I'm sorry ඊළඟ වතාවේ ප්ලීස් extra large size කොන්ඩම් එකක් ගන්න." ජන්ග්කුක් කිව්වම හැමෝම තවදුරටත් පාලනය කරගන්න බැරි වුනු හිනාව අන්තිමේදි පිට කලා. ඊට පස්සෙ ඇල්ෆා නම්ජුන්ගේ පිටිපස්සට ගිහින් හැන්ගුනා.
"ආහ්හ්! ඒ පාර තමුන් එයාව ආරක්ෂා කරන්න හදනවද කිම් නම්ජුන්?" අනාගත ප්රධාන ඇල්ෆාව ආරක්ෂා කරන්න ජින් වෙනුවෙන් පොඩ්ඩක්වත් හෙලවෙන්නෙ නැතුව ඉන්න ගොළු වෙලා ඉන්න ඇල්ෆට ජින් කිව්වා.
VOCÊ ESTÁ LENDO
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Lobisomemවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...