67. Minjae

1.5K 309 75
                                    

"මින්ජේ..."

"ඔව් මං තමයි මගෙ ලිට්ල් ඔමේගා. මං මේ දවස එනකන් තමා බලන් හිටියේ. අනික ඒක ඔයාට තමා වැදගත්ම." කිව්ව මින්ජේ ඔමේගගෙ කම්මුලට ගැහුව නිසා ඒ වේගෙට එයාගෙ මූන පැත්තට හැරුනා.

ටේහ්‍යුන් ආයිත් මින්ජේට මුහුනලා ඔලුව හැරෙව්වේ කේන්තියෙන් නිල් පාට වුනු ඇස් සමඟින්.

"මේ මුලු කාලෙ පුරාම උබ තමයි එහෙනම් ඒ සේරම කලේ." ටේහ්‍යුන් කිව්වා.

"ඔව් ඒ මං තමයි මගෙ ඩියර් ඔමේගා. ඉතින් ඔයා මොකද්ද ඒකට කරන්න යන්නෙ?" කිව්ව මින්ජේ ඉඩකඩ සහිත අඳුරු කාමරේ දිගේ ඇවිදන් ගිහින් ටේහ්‍යුන් සමීපයට පුටුවක් ඇදලා අරන් ඒ ලී පුටුවෙ වාඩි වුනේ, කකුල් ඈත් කරලා ආඩම්බර පෙනුමක්ද මූනෙ රඳවගනිමින්.

"මං උබව මරනවා!" කේන්තියෙන් තරහෙන් මුලු ඇඟම පිරෙන කොට ටේහ්‍යුන් කිව්වා.

"ඇත්තට?" කිව්ව මින්ජේ එයාගෙ ඔලුව පැත්තට ඇල කලා.

"කොහොමද? මායාවක්වත් කරන්න ඔයාගෙ ඇඟිලි හොලවන්නවත් ඔයාට බෑ. අනික පේන විදිහට ඔයා තාම ඒක හරියට කරන විදිහවත් හොයාගෙන නෑ. මං කිව්වේ, ඔව් මාව මරන්න පුලුවන් එකම වෘකයා ඔයා තමයි. ඒත් ඔයා ඒක කරන්න කලින් මං ඔයාව මුලින් මරනවා ඩියර්." කිව්ව මින්ජේගේ මූනෙන් තෘප්තිමත් බවක් දිස්වුනා.

"එයාලා උබව හොයාගනී මින්ජේ. Trust me." ඒ ගැන හරිහැටි විශ්වාසයක් නොතිබුනත් ටේහ්‍යුන් එහෙම කිව්වා. එයා ඉන්න ඒ තැන ශක්තිමත් මායාවකින් වටකරලා තිබුනේ. එයාට කාවවත් මනසින් සම්බන්ධ කරගන්න බැහැ කියලා තේරුනු මොහොතෙ ඉඳන් එයා ඒ ගැන දැනගත්තා. එයාගෙ වෘකයත් ගොඩක් දුර්වල වෙලා.

"හහ් කොහොමද? මට ඉන්නවා මං වගේම හදපු ජීවමාන රූපයක්. එයා තාම හොස්පිට්ල් එකේ වැඩ කරනවා ඇති. මං බෝගම්ව කිඩ්නැප් කලා, ඉතින් මං වෙනුවට එයාලා බෝගම්ව සැක කරලා මගෙ ලනුව හොඳට කනවා ඇති." මින්ජේ පිළිතුරු දුන්නා.

"මො-මොකක්? කොහෙද එයා? මේ විකාර කතාවට උබ එයාවත් සම්බන්ධ කරගත්තද? උබ නම් මහ තිරිසනෙක්!" ටේහ්‍යුන් කෑගැහුවා. ඒත් තවත් තියුණු කම්මුල් පාරක් ආයිත් එයාගෙ කම්මුලට වැදුනා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Où les histoires vivent. Découvrez maintenant