20. Sleeping beauty

2.1K 406 66
                                    

Movie night එකෙන් ටේහ්‍යුන් විනෝද වෙනවා දැකපු ජින්, ජීසු දෙන්නගේම කනස්සල්ල ටිකක් අඩු වුනා. පේන විදිහට එයා හොඳින් වගේම ආරක්ෂිතයි, අඩු ගානේ එයාගේ ඇත්තම රෑන්ක් එක කවුරුත් නොදන්නා තුරු. එයා true blood omega කෙනෙක් ඒ වගේම....අන්තිම ඔමේගා.

Inside out බලලා ඉවර වුනාම ජිමින් තවත් චිත්‍රපටයක් බලන්න යෝජනා කලා. සේහුන් හෝසොක් එක්ක මන්දිරයට ගියා බියර් ටිකක් ගේන්න. ඒ වගේම ආපහු වත්තට එනකොට ඒ දෙන්නා හැමෝටම බියර් අරගෙන ආවා.

චිත්‍රපටිය පටන් ගත්තම ටේහ්‍යුන් ජන්ග්කුක් ගාවට ඉක්මනින් පැන්න පාර ජන්ග්කුක් ගේ හදවත තටු ගහනවා වගේ එයාට දැනුනේ. ඇල්ෆාගේ එහා පැත්තේ තිබුනු ලොකු කොට්ටයක් පිටිපස්සෙ ටේහ්‍යුන් හැංගුනා. ටේහ්‍යුන්ගේ මේ හුරතල් වැඩ දැකලා ජන්ග්කුක්ට ලොකු සැහැල්ලුවක් දැනුනා.

ජිමින්ට චිත්‍රපටිය බලන එක නතර කරන්න ඕන වුනා. මොකද එයා දන්නවා ටේහ්‍යුන් පොඩ්ඩක්වත් හොල්මන් ෆිල්ම් බලන්න කැමති නෑ කියලා. කොහොම වුනත් ජිමින්ට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තිබුනේ නෑ. එයාලා දැනටමත් ටේහ්‍යුන්ගේ ඉල්ලීමක් වෙන inside out බලන්න ඉඩ දීලයි තිබුනේ. ඒ චිත්‍රපටිය බලන්න එයාල කැමති වුනත් මේක හරියට ඩේ කෙයා එකක් වගේ කියලා මැසිවිලි නගන එක නැවතුනේ නෑ.

"හොල්මන් ෆිල්ම් බලන්න කැමති නෑ? හහ්." ජන්ග්කුක් ටේහ්‍යුන්ට කෙ‍ඳිරුවාම එයාගෙ ඒ ගාම්භීර කටහ‍ඬට ටේහ්‍යුන් වෙව්ලලා ගියා.

"මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු මේ වගේ ෆිල්ම් වලට කැමති කියලා." තිගැස්සුනු ටේහ්‍යුන් පිළිතුරු දුන්නා. ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ පිම්බුනු කම්මුල් කෙනිත්තුවා.

"බියර් ටිකක් ඕනෙද?" ජන්ග්කුක් ඇහුවා.

"මට ට්‍රයි කරලා බලන්න පුලුවන්. බියර් කෑන් එකක් එවන්නකෝ."

ජන්ග්කුක් බියර් කෑන් එක ඇරලා ටේහ්‍යුන්ට දුන්නා. බියර් කෑන් එකෙන් බාගයක්ම බිව්ව ටේහ්‍යුන් කෑන් එක දිහා බලලා සෑහීමකට පත් වුනා.

"මේවා හොඳයි." ටේහ්‍යුන් කිව්වේ ආයිත් පාරක් කෑන් එක තොල් වලට ළං කරන ගමන්.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Tahanan ng mga kuwento. Tumuklas ngayon