මුලු උදේ වරුවෙම ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කාමරේ ඇතුලේ හිටියේ කොට්ට වල වගේම බ්ලැන්කට් වලත්, කාමරය පුරාමත් පැතිරිලා තියෙන එයාගෙ මේට්ගේ සුවඳ විඳිමින්. මේට්ගේ කොට්ටෙත් බදා ගෙන එයා ඇඳේ වැතිරිලා හිටියා.
දවල් කෑම වෙලාව ආවහම ජින් එයාගෙ මල්ලිට මනසින් සම්බන්ධ වෙලා දවල් කෑම කන්න පහළට එන්න කිව්වා. මුලින්ම එයාගෙ ෆෝන් එක අතට ගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ නම ෆෝන් එකේ ස්ක්‍රින් එකේ තියෙනවා දැකලා උද්‍යෝගයෙන් කෑගැහුවා.
කෑම කාමරයට ගිය ටේහ්‍යුන්ට ඕන වුනේ නෑ එයාගෙ හියුන් එයත් එක්ක තරහා ගන්නවා දකින්න.
"ටේ අපි ක- වෝහ් මොකද්ද ඔයා ඔය ඇඳන් ඉන්නේ?" හෝසොක් ඇහුවා.
ජන්ග්කුක් මන්දිරයෙන් ගිය මොහොතේ, ජන්ග්කුක්ගේ closet එකට ගිහින් එයාගෙ පිජාමා එක අයින් කරලා ජන්ග්කුක්ගේ ඇඳුමක් ඇඳගත්ත ටේහ්‍යුන්ට ඕන වුනා එයාගෙ මේට්ගෙ සුවඳ විඳින්න. එයාගෙ දිගු සිනිඳු ලා දුඹුරු පැහැ කකුල් විදහා දැක්වෙන විදිහට ජන්ග්කුක්ගේ බොක්සර් ශෝට් එකක් වගේම ටේහ්‍යුන්ට ගොඩක් ලොකු වුනු ජන්ග්කුක්ගේ ශර්ට් එකක් එයා ඇඳ ගත්තා. ඒ සුදු පාට ශර්ට් එක එයාගෙ මුලු ඇඟම වහ ගත්තා, ඒත් මේට්ගේ සුවඳ ඒකෙන් විඳින්න පුලුවන් වෙන තාක් කල් එයා ඒකට කැමති වුනා.
"ඒක ජන්ග්කුක්ගේ බොක්සර් ශෝට් එකකුයි ශර්ට් එකකුයි නේද?" ජිමින් ඇහුවා. ටේහ්‍යුන් හිනා වුනා විතරයි. එයා ජිසුගෙ එහා පැත්තෙන් වාඩි වුනා.
ඊටපස්සෙ හැමෝම තමන්ගේ දවල් කෑම කන්න ගත්තේ සැරින් සැරේ පොඩි කතා බහකුත් මැද්දෙන්.
රියුජින්ට වගේම ජිසුට ශොපින් කරන්න යන්න ඕන වුනු නිසා හැමෝම එයාලත් එක්ක එකතු වෙන්න තීරණය කලා. ටේහ්‍යුන්ට ඇත්තටම එයාගෙ මේට්ගේ කාමරෙන් එළියට යන්න ඕන වුනේ නෑ. ඒත් ගනන් කරන්න බැරි තරම් උත්සාහ ගානකින් පස්සේ එයාව කැමති කරගන්න අනිත් අයට පුලුවන් වුනා.
VOCÊ ESTÁ LENDO
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Lobisomemවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...