දහවල් විවේකයේදී blood moon pack එකෙයි midnight pack එකෙයි වෘකයෝ ටික වෙනදට යන පාපන්දු පිටියේ කෑම කන තැනට ගියා. එය ඉතා උනුසුම් දහවලක් උනත් නැවුම් වාතය කට්ටියවම සැහැල්ලුවෙන් තබන අතරේ හැමෝම විශාල ගහ යට ආහාර ගනිමින් හිටියා.
"ටේ, ඔයාගේ birthday එක සෙනසුරාදානේ. ඔයාට සතුටුයිද? ඔයාට පුලුවන් එතකොට මේට්ගේ සුවඳ ඉව කරන්න." හෝසොක් කිව්වා. මේට්ලා සම්බන්ධ දේවල් ඇහුන ජන්ග්කුක් රැව්වා. මොකද එයා මේට්ලාව විශ්වාස කලේ නෑ, මේට්ලාගේ අදහස් වලටත් එයා කැමති වුනේ නෑ නැත්නම්.....සමහරවිට ටේහ්‍යුන් එයාගේ මේට් නෙමෙයි කියන දේට කැමති නොවුනු නිසා වෙන්නැති.
"මට ගොඩක් සතුටුයි. මොකද මට හැමවෙලේම ඕන වුනේ මේට් කෙනෙක්ව. ඒත් ඒ තරමටම මට බයක් දැනෙනවා. එයාට මාව ඕන නැත්තන් හරි මාව ප්‍රතික්ෂේප කලොත් හරි මොකද්ද වෙන්නේ? අපි හැමෝම දන්නවනේ අපේ මේට් අපිව ප්‍රතික්ෂේප කලොත් මොකද වෙන්නෙ කියලා." කිව්ව ටේහ්‍යුන් දිගටම එයා ආසම කිම්බැප් එක කෑවා.
"ටේහ්‍යුන් මෙහෙ පිස්සුවෙන් වගේ එයාගේ මේට්ට බැඳිලා නිසා මං හිතනවා එයා මෙයාව වෙන් කරගනී කියලා. මේට් සෙල්ලක්කාරයෙක් නම් අපේ ටේටේ ට ගොඩක් දුක හිතෙයි." රියුජින් කිව්වම ටේහ්‍යුන් තක්කාලි ගෙඩියක් වගේ රතු වුනා.
"ඒයි පැටියෝ."
"Oops! Sorry." කිව්ව රියුජින් හෝසොක්ගේ තොල් වලට තට්ටුවක් දැම්මා. මේ අතරේ ජන්ග්කුක්ට පොඩි ප්‍රශ්නයක් තිබුනා. එයාට ප්‍රශ්නයක් වුනේ 'පිස්සුවෙන් වගේ බැඳිලා' කිව්ව වාක්‍ය. එයාට පොඩි දුකක් දැනුනා. මොකද එයාම දන්නවා එයා මේ මුලු කාලය පුරාවටම එයා නරක කෙනෙක් වුනා කියලා.
"ඇයි මට දුකක් දැනෙන්නේ? මං එයාගේ මේට්වත් නෙමෙයි. මොන විකාරයක්ද මට මේ වෙන්නේ?" ජන්ග්කුක් තනියම හිතුවා. එයාගෙ වෘකයා එයාට විහිළු කරන්න කලින් ජන්ග්කුක් හිතන එක නැවැත්තුවා.
නම්ජුන් : "ලූනා kye kyo වගේම ලූනා මින් යොන්ග් ඔයාගේ birthday එක දැනටමත් ලෑස්ති කරනගමන් ඉන්නේ. මේක ලොකුවට සමරන්න පුලුවන් වෙයි. මං හිතන්නේ theme එක ද-"
ජින් : "යා... ඇයි ඔයා හැමතිස්සෙම දේවල් කඩාකප්පල් කරන්නේ. ඔයා මාව කේන්ති ගස්සනවා නම්ජුන්!"
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...