ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් එකිනෙකාගේ උනුහුමේ ගුලි වෙමින් ඇඳේ වැතිරුනා.
"මට ගොඩක් සතුටුයි. අන්තිමේදි මං ඔයාව හොයා ගත්තා. කවුද හිතුවෙ මගෙ මේට් මෙච්චර කල් මගෙ වටේම ඉඳලා කියලා." කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ හිසට මෘදු හාදුවක් දුන්නා.
"මං හිතුවෙ ඔයා මේට්ලව විශ්වාස කරන්නෙ නෑ කියලා. ඒත් දැන් ඔයාට මගෙන් අත් දෙක අහකට ගන්න බෑ." ටේහ්‍යුන් සෙල්ලක්කාර විදිහට කිව්වා.
"මං දැනන් හිටියේ නෑ මේට්ලගේ බැඳීම මේ තරම් ශක්තිමත් කියලා. සමහරවිට ඔයා ගැන අමුතු විදිහට මට දැනුන එක හේතුවක් ඒක වෙන්නැති."
ටේහ්‍යුන් එයා හිටපු තැන වෙනස් කරපු නිසා දැන් එයාගෙ මේට්ව එයාට හොඳට බලාගන්න පුලුවන් වුනා. ඒත් තාමත් ජන්ග්කුක්ගේ අත් ඔමේගගේ වටේ එතිලා තිබුනා.
"ඒක හොඳ විදිහේ අමුත්තක්ද නරක විදිහේ අමුත්තක්ද?" ටේහ්‍යුන් කිව්වම එයාගෙ හුරතලේ දැකලා ජන්ග්කුක් හිනා වුනා. එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් එයා ටේහ්‍යුන්ගේ නහය මිරිකුවා.
"ඒක හොඳ විදිහෙ අමුත්තක් love. ඔයා දන්නවද මට තේරුනා මං කිසිම හේතුවක් නැතුව ඔයා දිහා බලලා ඔයාව අගය කරනවා, ඔයාට රිදුනම මං ඔයා ගැන කරදර වෙනවා කියලා. ඒක අලුත් දෙයක්, මොකද මං කරදර වෙන්නෙ මගෙ ඔම්මලයි යාළුවොයි ගැන විතරයි, මට ලේසියෙන්ම ඉරිසියාව කියන එක දැනුනා. ඔයත් එක්ක ඉන්න ඕන නිසා මං සමහර කෙල්ලන්ව පවා රිජෙක්ට් කලා. ඒකත් ඇත්තටම අලුත් දෙයක්, මොකද මං ඒ වැදගත්කමක් නැති කෙල්ලොන්ට කවදාවත් බෑ කියලා නෑ. ඔයාව දකින කොට ඒක නිකම්ම මට එපා වුනා. මට ඒවා කරන්න හිතුනේ නෑ කා එක්කවත් ආයිත් කවදාවත්. මට ඕන වුනේ ඔයාව දකින්න විතරයි, ඔයත් එක්ක කාලෙ ගත කරන්න විතරයි. ඔයා මගෙ මේට් කියලා දන්නෙත් නැතුව ඔයාව දැකපු පළවෙනි මොහොතෙම මං ආදරෙන් බැඳුනා."
ටේහ්‍යුන් එයාගෙ මේට් එක්ක හිනා වුනේ තක්කාලි ගෙඩියක් වගේ මූනත් රතු කරන්. ඊටපස්සේ එයා නළල රැලිකරගත්තම ඒකට ජන්ග්කුක් කලබල වුනේ එහෙම කරපු හේතුව මොකද්ද කියලා දන්නෙ නැතුව.
"ඉතින් ඔයා දැනටමත් ගොඩක් වෘකයෝ එක්ක..." කිව්ව ටේහ්‍යුන් මූනත් ඇඹුල් කරගෙන ආයිත් ඇඳේ වැතිරිලා බිත්තිය පැත්තට හැරුනා.
ESTÁS LEYENDO
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Hombres Loboවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...