ඊළඟ දවසේ ටේහ්‍යුන් ඇහැරුනේ නිරුවතින්, එයාගෙ මේට්ගෙ උනුහුමේ තුරුල් වෙලා. ලස්සන හිනාවක් එයාගෙ තොල් වල ඇඳිලා තිබුනා. ඉහළ බලපු ටේහ්‍යුන් නිදාගෙන ඉන්න එයාගෙ මේට්ගේ කලා ආකෘතියක් වගේ ලස්සන මූන අගයකරමින් බලන් හිටියා.
"මං දන්නවා මං හැන්ඩ්සම් කියලා. ඒත් ඔච්චරටම වශී වෙලා බලන්න එපා love." තවමත් ඇස් දෙක පියන් ඉන්න ජන්ග්කුක් කිව්වා. ටේහ්‍යුන් ඇස් දෙක රෝල් කරා. කොහොම උනත් එයා ජන්ග්කුක්ගේ තොල් වලට හාදුවක් දෙන්න නම් අමතක කලේ නෑ.
ටේහ්‍යුන් ඈත් වෙන්න හැදුවත් ජන්ග්කුක් ඉක්මනින් ඒ විදිහටම ඉන්න අතරේ ටේහ්‍යුන්ගේ ඔලුව පිටිපස්සට අත යවලා එයාව ගැඹුරු සිප ගැනීමකට මුල පිරුවා.
හුස්ම ගන්න වාතය ඕනෙ නේද කියලා අවබෝධ වෙනකන්ම ඒ දෙන්නා එකිනෙකාගෙ තොල් වල පහස විඳගත්තා.
මේට්ගෙ මූන අල්ලගත්ත ජන්ග්කුක් එයාගෙ මහපට ඇගිල්ලෙන් ඒ සිනිඳු පිම්බුනු කම්මුල පිරිමදින්න ගත්තේ ඔමේගා දිහා ආදරය පිරුනු ඇස් වලින් බලමින්.
"ඔයාවයි අපේ පැටව්න්වයි මට නැති වුනොත් මට මොනව වෙයිද කියලා හිතාගන්නවත් බෑ මැණික." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන්ට දුක හිතුනා.
"මට සමාවෙන්න කුකී. මං පොරොන්දු වෙනවා, ආයිත් එහෙම දෙයක් වෙන්නෑ." ටේහ්‍යුන් පිළිතුරු දුන්නා.
"නෑ. මං පොරොන්දු වෙනවා, ආයිත් කාටවත් ඔයාට රිද්දන්න මං ඉඩ දෙන්නෙ නෑ. ජීවත් වෙලා ඉන්න ශක්තිමත්ම ඔමේගා ඔයා උනත් මං ඔයාව දිගටම මගේ අන්තිම හුස්ම වෙනකන්ම ආරක්ෂා කරනවා." ජන්ග්කුක් කිව්වා.
"කුකී, අපි අමරණීයයි. මතකද?" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ ඇස් ලොකු වුනා.
"ඔව්!! ඒක ගැන මං අහන්නමයි හිටියේ. බෝගම් ඔයාගෙ අප්පා කියලා කිව්ව එකේ තේරුම මොකද්ද?" කිව්ව ජන්ග්කුක් ඇඳේ වාඩි වෙලා මේට් දිහා බැලුවා.
"හැමෝම ඉන්න වෙලාවක මං සේරම විස්තරේ කියන්නම්. ඒක නෙමෙයි ඔයා කොහොමද මාව හොයා ගත්තෙ? මං ගොඩක් බය වෙලා හිටියෙ." තාමත් ඇඳේ වැතිරිලා ඉන්න ගමන් ටේහ්‍යුන් ඇහුවා. ඊටපස්සෙ ජන්ග්කුක් ආයිත් එයාගෙ මේට්ගෙ එහා පැත්තෙන් වැතිරිලා එයාව තුරුලු කරගත්තා.
KAMU SEDANG MEMBACA
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Manusia Serigalaවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්‍යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...