ඊළඟ දවසේ ජන්ග්කුක්, නම්ජුන් වගේම ජොන්ග් සුක් තවත් පැක් එකකට ගමන් කලා. ඒ මුලු ගමන පුරාම ජන්ග්කුක් හිටියේ එයාගෙ මේට්ගේ තත්ත්වය නිසා නිහඬව වගේම කේන්තියෙන්.
මින් යොන්ග් එයාගේ වේදනාවට සහනයක් ගෙන දුන්නට පස්සෙ ටේහ්යුන් පැය දෙකක් විතරක් නින්දට වැටුනා. ඒත් එයා උදේ පාන්දරින්ම ඇහැරුනේ කවුරුහරි එයාගෙ බඩට අනිනවා වගේ තවත් වේදනාත්මක රැල්ලක් සමඟින්.
තදින්ම එයා එයාවම ස්පර්ශ කරගන්න ඕන වන තරමටම උද්දීපනය ගෙවෙන හැම පැයකම එයාගෙ තුල වැඩෙනවා ටේහ්යුන්ට දැනුනා. එයාට තදින්ම එයාගෙ ඇල්ෆව ඕන වුනා, එයාගෙ වේදනාව නැති කරන්න ජන්ග්කුක්ව ඕන වුනා, එයාගෙ මේට්ගේ ස්පර්ශය එයාට ඕන වුනා, එයාට තදින්ම එයාගෙ ඇල්ෆව ඕන වුනා දිගටම එයාගෙ ඇතුලත දඟලමින් තියෙන තියුණු නොපිරුණු ආශාව ඉටුකරගන්න. එයාට ඕන වුනා ජන්ග්කුක් එක්ක ශරීරයෙන් එකතු වෙන්න, සන්සුන් වෙන්න, එයාගෙන්, එයාගෙන් විතරක්ම.
දහවල් කාලයේදී blink pack එකට ඇවිත් ඉක්මනින් ටේහ්යුන්ට වීඩියෝ කෝල් එකක් ගත්ත ජන්ග්කුක්ට අනිත් කට්ටිය දැනුම් දීලා තිබුනා එයාලා එයාගෙ මේට්ගේ වේදනාවට සහනයක් දුන්නා කියලා. ඉතින් එයා ටිකක් සන්සුන් වුනා. ජන්ග්කුක් කාලය නාස්ති නොකර ඉක්මනින් එයාගෙ පුංචි ඔමේගට කෝල් එකක් ගත්තා.
"හායි." තොල් උල් කරගෙන ටේහ්යුන් කිව්වා.
"හායි love." ජන්ග්කුක් පිළිතුරු දුන්නේ දුකින් කියලා එයාගෙ කටහඬින් අහන්න පුලුවන් වුනා. ආදරෙන් එකිනෙකා දිහා බලමින් විතරක් ඒ දෙන්නා විනාඩි කීපයක් නිශ්ශබ්දව හිටියා.
"මට ඔයා නැතුව පාළුයි මැණික." ජන්ග්කුක් කිව්වම එසැණින් ටේහ්යුන් බබෙක් වගේ අඬන්න පටන් ගත්තා.
YOU ARE READING
The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Werewolfවසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනයෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූයේ කිම් ටේහ්යුන් පමණයි. ඔහුගේ දිවි ගැලවුනේ ඔහුගේ දෙම්ව්පියන් නිසා. ඔහු දැන් දිවි ගෙවන්නේ ඔහුගේ සහෝදරයත් සහෝ...